මේ සතිය ඔබට කොහොමද? | දිනමිණ

මේ සතිය ඔබට කොහොමද?

ජනවාරි මස 16 වැනිදා සිට ජනවාරි මස 22 දා දක්වා

මේෂ
කෙටි ගමන් යෙදේ

බාල සහෝදරයන් වෙනුවෙන් ක්‍රියා කිරීමට සිදුවේ. ගිවිසුම් ආදිය ඇති කරගැනීමට සුබ කාලයකි. ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රතිවාදීන් අභිබවාලිය හැකිය. කෙටිගමන් බහුලය. බහුවිද ක්ෂේත්‍රවලින් ආදායම් ලැබිය හැක. මංගල යෝජනා පැමිණෙයි. අධ්‍යාපනයට හිතකර කාලයකි. කලා, විලාසිතා, හෝටල් ආශ්‍රිත රැකියා කරන්නන්ට විදේශීය සංචාර යෙදේ. සෙම් රෝග ඇතිවෙයි.

වෘෂභ
ලොතරැයි ජයග්‍රහණ

බහුවිද ක්ෂේත්‍රවලින් ආදායම් ලැබේ. ලොතරැයි ජයග්‍රහණ පෙන්වයි. සෑම අංශයකම කලා ක්ෂේත්‍රවලට හිතකර කාලයකි. උරුම හිමිකම් ලියකියවිලි හා ඔප්පු තිරප්පු මාර්ගයෙන් ලැබිය හැක. සුඛෝපභෝගී දෑ මෙන්ම නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ ද මිලට ගනු ලබයි. වාසස්ථාන, අධ්‍යාපන ආයතන වෙනස් කරයි. ලැබෙන්නට නියමිත මුදලක් කොටස් වශයෙන් ලැබේ. ගෙවීමට ඇති මුදලක්ද කොටස් වශයෙන් ගෙවයි. උදරාබාධ ඇතිවිය හැක.

මිථුන
ප්‍රතිවාදීන් අභිබවයි

කලාවට හිතකර කාලයකි. පෙම්වතුන්ට සුබයි. යානවාහන මිලදී ගත හැකිය. ගෘහස්ථ සාමය ඇතිවෙයි. අධ්‍යාපන කටයුතුවලින් මිදී විනෝද සංචාරවල යෙදීමට පෙළඹෙයි. වෘත්තීය වශයෙන් ව්‍යාපාරික වශයෙන් බහුවිද ආදායම් ක්ෂේත්‍ර කරා යොමුවෙයි. ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රතිවාදීන් අභිබවයි. ගුරුබුහුමන් ලබයි. අත්‍යාවශ්‍ය වෙලාවට කෙසේ හෝ මුදල් සොයා ගත හැක. ළය පීනස ඉස්මතු වෙයි.

කටක
අධ්‍යාපනයේ ප්‍රගතියක්

බොහෝ කටයුතුවලට නව වාසනාව බලපායි. සේවා ස්ථානයේ ඉතා කැපවීමෙන් මෙන්ම සේවකයින්ගේ සිත් දිනාගෙන රාජකාරියේ නිරතවේ. අය පක්ෂය වරින්වර වෙනස් වෙයි. දෛනික වැටුප් ලබන්නන්ට වාසිදායක සතියකි. අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. පුවත්පත්, ග්‍රන්ථ ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සුබ කාලයකි. කොන්ත්‍රාත් ව්‍යාපාරිකයින්ට නව කොන්ත්‍රාත් ලැබේ. මංගල කටයුතුවලට හිතකර කාලයකි. උරහිස් ආබාධ ඇතිවෙයි.

සිංහ
කතුන්ගෙන් උපකාර

හදිසි වියදම් අධිකය. සුඛෝපභෝගී භාණ්ඩ වැඩි වැඩියෙන් මිලදී ගනී. ස්ත්‍රීන්ගෙන් උදව් ලැබෙයි. පෙම්වතුන්ට හිතකර සතියකි. යාන වාහන ගැනීමට අවස්ථාව උදාවේ. ඉඩම්, වතුපිටි ආදිය ලියකියවිලිවලින් පැවරුම් ලබයි. සේවාස්ථානයේ කාර්ය බහුලය. කොන්ත්‍රාත් ව්‍යාපාරවල නිරතවූවන්ට නව කොන්ත්‍රාත් ලැබෙනු ඇත. සෙම් රෝග ඇතිවෙයි.

කන්‍යා
ජනප්‍රියත්වය ලබයි

අය පක්ෂය හොඳයි. සමාජ තත්ත්වය දියුණු වෙයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයකි. ජනප්‍රිය වෙයි. අධ්‍යාපනය සුබපල ගෙනදේ. අසල්වැසියන් හා බහින්බස්වීමක් පෙන්වයි. මංගල කාරණා සාර්ථක වේ. හවුල් ව්‍යාපාරිකයන් අතර සමගියක් ඇතිවෙයි. කලාවේ නිරතවූවන්ට වාසි දායක තත්ත්වයක් පෙනෙන්නට ඇත. ස්නායු රෝග ඇතිවිය හැක.

තුලා
දුර බැහැර ගමන්

දුර බැහැර ගමන් නිසා වියදම් අධිකවේ. තමාට හිමි මුදලක් කොටස් වශයෙන් ලැබෙන්නට නියමිතය. විදේශ මූලාශ්‍රවලින් ලැබිය යුතු මුදල්වලින් එතරම් ප්‍රගතියක් නොපෙන්වයි. පාසල් අධ්‍යාපනය මඟහැරීමේ ප්‍රවනතාවන් ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය මද වේ. තම සේවා ස්ථානයේ කාර්යබහුල බවක් පෙන්වයි. වාග් ශක්තිය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් එළැඹේ. ළය පීනස ඉස්මතුවෙයි.

වෘශ්චික
ප්‍රභූන්ගේ උදව්

හදිසි මුදල් වාසි ඇතිවේ. ලැබිය යුතු මුදල් කොටසක් හෝ ලැබේ. කොන්ත්‍රාත් ව්‍යාපාරිකයන්ට නව කාන්ත්‍රාත් ලැබීමත් පෙනෙන්නට ඇත. සුඛෝපභෝගී දෑ වෙනුවෙන් අධික වියදමක් දරයි. වාහන අයිතිකරුවන් ඒවා විකුණා දැමීමට පෙළඹේ. ප්‍රභූන්හට උදව් උපකාර ලබයි. ආමාශගත රෝග, ස්නායු රෝග ඇතිවෙයි.

ධනු
මංගල යෝජනා

පාසල් අද්‍යාපනයට හිතකරය. එමෙන්ම වෘත්තීය කටයුතුවලට, ව්‍යාපාරික කටයුතුවලටද වාසිදායක තත්ත්වයක් ඇතිවේ. මංගල කාරණා, විවාහ මංගල යෝජනා ආදිය සාර්ථක වන බවක් පෙනෙන්නට ඇත. සෞඛ්‍ය ගැටලු ඇතිවන බැවින් වියදම් අධික වෙයි. ප්‍රවාහන වියදම්ද අධිකය. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා අතිරේක වියදම් ඇතිවේ. සමේ රෝග, වකුගඩු අමාරු ඇතිවිය හැක.

මකර
පෙම්වතුන්ට සුබයි

කොන්ත්‍රාත් ව්‍යාපාරිකයන්ට වාසිදායක සතියකි. සෞන්දර්ය කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ආයෝජනවලින් ප්‍රතිලාභ ලබයි. පෙම්වතුන්ට හොඳ අවස්ථාවකි. දුර බැහැර සංචාර යෙදේ. පාසල් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවලට හිතකරය. ස්ත්‍රීන්ගෙන් උපකාර ලබයි. මංගල කාරණා සාර්ථකය. ආමාශ ගත ආබාධ, සෙම් රෝග ඉස්මතු විය හැකි බැවින් ප්‍රවේශම්වන්න.

කුම්භ
විදෙස් සංචාර

යාන වාහන බලාපොරොත්තු වන්නන්ට හොඳ අවස්ථාවකි. ප්‍රවාහන පහසුකම් ලබයි. ශාස්ත්‍රීය කටයුතුවලින් සාර්තක භාවය පෙන්වයි. දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතියක් ඇත. අපේක්ෂිත විදේශී සංචාර යෙදේ. ණය මුදලක් කොටස් වශයෙන් ලබයි. භික්ෂූන්ගෙන් සහ ප්‍රභූන්ගෙන් උපකාර ලැබිය හැක. සෙම් රෝග ඇති වෙයි.

මීන
කලාවට සුබයි

පාසල් අධ්‍යාපනයට හිතකර කාලයකි. මංගල කාරණා බහුල වෙයි. බහුවිද මූලාශ්‍රවලින් ආදායම් ලැබිය හැක. ලැබියයුතු මුදලක් ‍කොටස් වශයෙන් ලැබේ. වැඩිමහල් සහෝදරයන්ගෙන් උපකාර ලැබිය හැක. මංගල යෝජනා බහුලවෙයි. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සුබ සතියක්. ආමාශ ආබාධ, සෙම්රෝග ඉස්මතු වෙයි.

ජ්‍යෝතීර්වේදී
පානදුරේ රෝහණ වීරරත්න


නව අදහස දක්වන්න