ග්‍රහ අපල | දිනමිණ

ග්‍රහ අපල

ඉහත ආත්මභවවලදී සිදු කරන ලද අකුසල් නොඑසේනම් පාපකර්මවලට වන්දි ගෙවීම කාලසීමාව අපල ලෙස හැඳින්වේ. උපත ලද ඕනෑම ජන්මියකුට ජාති, ආගම්, කුලබේද තරාතිරම නොබලා පෙර කරන ලද පුණ්‍ය ක්‍රියා සහ අකුසල ක්‍රියා අනුව අඩු වැඩි නැතිව මෙම කාල සීමාවට මුහුණදීමට සිදුවේ. ඒ බව දැනුවත්ව වැඩි වශයෙන් කුසල් වැඩෙන ක්‍රියාවල නිරත වීමෙන් වැස්‌සට කුඩයක්‌ ඉහළා යම් තරමක ආවරණයක්‌ ලබන්නා සේ අපල දුරු කර ගැනීමට හැකි බව ජ්‍යොතීෂය මතය වේ.

වර්ෂාව පවතින අවස්‌ථාවකදී කුඩයක්‌ ඉහළාගෙන යැමෙන් අපට සම්පූර්ණයෙන් වැස්‌සෙන් බේරීමට නොහැක. එහෙත් යම් ප්‍රමාණයකට අපගේ හිසට වැටෙන වැසි ජලයෙන් බේරී ගත හැක. මෙම කාරණය ගැන මනා දැනුවත්වීමකින් කටයුතු කරන්නට පෙළඹෙන ඕනෑම අයකුට ඉහත කී ආකාරයට තම තමන්ගේ තදබල අපල කාලසීමා හැකිතාක්‌ දුරට අවම කරගනිමින් ජීවිතයට මුහුණ දිය හැකිය. පෙර සිදු කර ඇත්තේ කුසල් ද අකුසල් ද යන්න ගැන සිතමින් කල් ගෙවනවාට වඩා හැකි සෑම අවස්‌ථාවකදීම පවින් වැළකී කුසල් රැස්‌ කිරීමට යොමුවීම ඥනාන්විතය.

අපල කාලයට මුහුණදී දුකට පත්ව පසුව ඒවාට පිළියම් සෙවීම අනුවණකමකි. කල් වේලා ඇතිව ශාස්‌ත්‍රය මැනවින් ප්‍රගුණ කර ඇති ජ්‍යොතීර්වේදියකු ලවා ජන්ම පත්‍රය පරීක්‍ෂා කරවා ගැනීම වඩාත් සුදුසුය. ඒ අනාගතයේදී ඇතිවිය හැකි අපල උපද්‍රව මාරක අවස්‌ථා කල්තියා හඳුනාගෙන ඒ සඳහා යෙදිය යුතු ප්‍රතිකර්ම වෙත යොමු වීමෙන් සතුටින්, සැනසීමෙන් දිවි ගෙවීමට හැකිවේ. තම උපන් ලග්නයට අනුව අපල කරන ග්‍රහයන් පහත පළවේ.

ලග්නය පීඩා කරන ග්‍රහයන්

මේෂ - බුධ, සිකුරු, ශනි

වෘෂභ - චන්ද්‍ර, ගුරු, සිකුරු

මිථුන - රවි, කුජ, සිකුරු

කටක - ශනි, බුධ, සිකුරු

සිංහ - ශනි, බුධ, සිකුරු

කන්‍යා - චන්ද්‍ර, කුජ, ගුරු

තුලා - රවි, කුජ, ගුරු

වෘශ්චික - ගුරු, බුධ, සිකුරු

ධනු - චන්ද්‍ර, සිකුරු, ශනි

මකර - චන්ද්‍ර, ගුරු, කුජ

කුම්භ - ශනි, රවි, බුධ

මීන - රවි, බුධ, සිකුරු, ශනි

(පොත පත ඇසුරෙනි.)

මාලනී වීරසිංහ

නව අදහස දක්වන්න