උතුරේ ඉඩම් අක්කර 1200ක් මුල් අයිතිකරුවන්ට | දිනමිණ

උතුරේ ඉඩම් අක්කර 1200ක් මුල් අයිතිකරුවන්ට

උතුරු පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1200 ක් නිදහස් කරන බව යුධ හමුදාව ප‍්‍රකාශ කරයි. 
 
ලබන සඳුදා(21) වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
 
ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන පරිදි මුල් පදිංචිකරුවන්ට ඉඩම් ලබාදීම මෙහි අරමුණ වේ. කිලිනොච්චි, මුලතිව්, යාපනය ඇතුලු ප‍්‍රදේශවල ආරක්ෂක අංශ භාවිත කළ සහ ගොවිපොළ පවත්වාගෙන ගිය ඉඩම් යළි ලබාදීම අපේක්ෂාවවී තිබේ. 
 
සුහදත්වය සහ සංහිදියාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් එය කි‍්‍රයාත්මක බව යුධ හමුදා මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න