වයර් කැබැල්ලක් සපා කෑ වන අලියා මරුට | දිනමිණ

වයර් කැබැල්ලක් සපා කෑ වන අලියා මරුට

වගාවේ ආරක්ෂාවට දමා තිබූ විදුලි බල්බයක් දැල්වීම සඳහා සවිකොට තිබූ වයර් කැබැල්ලක් සපා කෑම නිසා විදුලි සර වැදී සීගිරිය මහසෙන්ගම ප්‍රදේශයේ නිවෙසක් පිටුපස වන අලියෙක් මියගොස් ඇතැයි සීගිරිය වනජීවී නිලධාරීහු පවසති. විදුලි සර දමා වන අලියකු ඝාතනය කොට ඇති බව ද සීගිරිය වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මහසෙන් ගම ප්‍රදේශයේ නිවෙසක් ආසන්නයේ පරීක්ෂා කිරීමට ගොස් තිබේ. පසුව මෙහි සිදු කළ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ වන අලියා ඝාතනය කිරීම සඳහා විදුලිය සපයා නොතිබුණු බවත් බෝග වගාවේ ආරක්ෂාව සඳහා විදුලි බල්බ රැසක් රාත්‍රී කාලයේ දල්වා තිබෙන බවත් වනජීවී නිලධාරීහු පවසති. එවැනි විදුලි බල්බයක් දැල්වීම සඳහා යොදා තිබූ වයර් මේ වන අලියා මුඛයේ දමා හපා ඇතැයි පරීක්ෂණවලදී හෙළිවූ බව වන සත්ව ආරක්ෂක ඒ .ඩී .බණ්ඩාරනායක මහතා පැවැසීය.

සිගිරිය විශේෂ


නව අදහස දක්වන්න