ලග්ගල හා විල්ගමුවේ ගැබිනි මාතාවන්ට උපකරණ පරිත්‍යාගයක් | දිනමිණ

ලග්ගල හා විල්ගමුවේ ගැබිනි මාතාවන්ට උපකරණ පරිත්‍යාගයක්

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා විල්ගමු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි ගැබිනි මාතාවන් සදහා උපකරණ කට්ටල ප්‍රධානය කිරිමක් පාර්ලිමේන්තු මන්ත්‍රි නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විල්ගමුව සංස්කාතික මධ්‍යස්ථානයේදී පසුගියදා සිදු කෙරුණි. මෙහිදි ගැබිනි මාතාවන් 800ක් වෙත උපකරණ ප්‍රදානය සිදු කෙරුණු අතර ලක්ෂ්මන් වසන්ත පෙරේරා පදනම මඟින් මේ වැඩ සටහන සංවිධාන කර තිබුණී. මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැසක් සහභාගි වී සිටියහ.

සටහන සහ ඡායාරූප මාතලේ මධ්‍යම සමුහ සිරි අබයසිරි


නව අදහස දක්වන්න