උසස් පෙළ වාණිජ අංශයෙන් කෑගල්ලේ දෙවන තැන අශෝක විද්‍යාලයට | දිනමිණ

උසස් පෙළ වාණිජ අංශයෙන් කෑගල්ලේ දෙවන තැන අශෝක විද්‍යාලයට

මෙවර පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී වාණිජ අංශයෙන් කෑගල්ල දිස්ත්‍රීක්කයේ 2වැනි ස්ථානය ග්‍රාමීය පාසලක් වන කිරිවල්ලාපිටිය අශෝක මහා විද්‍යාලයේ කේ.ජි.සචිනි සෙව්වන්දි ශිෂ්‍යාව සමත්විය.සබරගමු පළාත් සභාවට අයත් පාසලක් වන කිරිවල්ලාපිටිය අශෝක මහා විදයාලය මෙම ජයග්‍රහණය වසර ගණනාවකට පසු ලැබු ජයග්‍රහණයක් බව විදුහල්පති එස්.කේ මාරසිංහ මහත්මිය පැවසිය.

වාණිජ අංශයෙන් ඒ සාමාර්ථ තුනක් ලබාගනිමන් කෑගල්ල දිස්ත්‍රික්කයේ 2 වැනි ස්ථානයත්,ජාතික මට්ටමේ49 වැනි ස්ථානය හිමිකරගෙන ඇති සෙව්වන්දි ශිෂ්‍යාව තම ජයග්‍රහණය සම්බන්ධයෙන් අප සමඟ මෙසේ පැවසුවාය.මම රඹුක්කන කන්සලමුව උඩුගම පදිංච්ව ඉන්නේ මගේ පියා කේ.ජි.රංජිත් පියාට ස්ථිර රැකියාවක් නැ.පේන්ට් වැඩ කරන්නේ මව ගුණවති මැණිකේ ඇය ගාමන්ට් එකක රැකියාවට යනවා.අපේ පවුලේ ඉන්න එකම දරුවා මමයි.ඒ නිසා මට අම්මයි තාත්තයි දෙන්නාම හොදට උගන්වන්න හරියට මහන්සි වුණා.මට ලොකු විශ්වාසයක් තිබුණා උසස්පෙළ විභාගය හොදට පාස්වෙයි කියලා නමුත් මා හිතුවේ නෑ දිස්ත්‍රීක්කයේ දෙවැනියා වෙයි කියලා.මේ ජයග්‍රහණය ගැන මට හරිම සතුටුයි.ඒවගේම මම විශ්ව විද්‍යාලයට ගිහින් උපාධිය ලබාගෙන ගණකාධිකරණ අංශයෙන් ඉහළට යන්නයි මගේ බලාපොරොත්තුව.

රඹුක්කන උතුර සමුහ - විපුල එස් කුමාරතුංග

නව අදහස දක්වන්න