ජාතිවාදය - ආගම්වාදය ඇවිස්සීම විපක්ෂනායකගේ කාර්යය නොවේ | දිනමිණ

ජාතිවාදය - ආගම්වාදය ඇවිස්සීම විපක්ෂනායකගේ කාර්යය නොවේ

ඡායාරූපය - වාසිත පටබැඳිගේ

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා ජාතිවාදය , ආගම්වාදය අවුස්සා කටයුතු කිරීම විපක්ෂනායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යය නොවන බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ රාජගිරිය ෆුඩ් සිටි ගොඩනැඟිල්ලේ පෙරේදා (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධව පත් කළ විද්වත් කමිටුව මඟින් යෝජනාවලියක් ඉදිරිපත් කලා. ඒ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයට අයත් කණ්ඩායම් හා අනිකුත් කණ්ඩායම් විශාල ලෙස පහර දෙමින් , විවේචනය කරමින් , ජාතිවාදය අවුස්සන්ට කටයතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටට අවශ්‍ය යැයි කියන කාරණාව පිළිබඳ විවාදයක් තිබෙන්නට බැහැ. හැමෝම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය යැයි කියනවා. විවේචනය කරන හැම කෙනෙක්ම කියනවා. මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද, උතුරු නැඟෙනහිරට බලය බෙදන්නේ කොහොමද, මානව හිමිකම් ප්‍රඥ්ඥප්තීන් මෙයට ඇතුළු කරන්නේ කොහොමද , ආර්ථික සංවර්ධන කාරණා, අයිතිවාසිකම් සම්බන්ධ කාරණා යනාදිය ගැන තමයි පැහැදිලිව ප්‍රතිවිරුද්ධ කාරණා තිබෙන්නේ. මූලිකවම උතුරු නැඟෙනහිරට බලය බෙදීම ගැන යි.

අපි සිවිල් සංවිධාන ලෙස රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවශ්‍ය යි කියා වැඩ කරන ස්ථානයේ සිටින අය යි. අපි දැක්කා තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන අඩුපාඩු, ඒ නිසා ඇති වූ ව්‍යසනයන් . පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මූලික වී වැඩ කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මූලික ඉල්ලීමක් වූයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන කාරණය යි.

සිවිල් සංවිධාන වලත් , අප නියෝජනය කරන සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවත් ඉතා පැහැදිලිව ඉදිරිපත් කරන කාරණයක්. ජාතීන් අතර සමගියෙන් ජීවත් විය හැකි , සැමට සමාන අයිතිවාසිකම් තිබෙන , අයිතීන් රකින නීති පද්ධතියක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු වෙන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන විට අපේ සිටන දේශපාලඥයන් නැති වූ බලය ලබා ගන්න එය අවස්ථාවක් කර ගෙන කටයුත කරනවා.

නව ව්‍යවස්ථාවසම්බන්ධව කෙටුම්පතක් ඉදිරිපත් වී නැහැ. මෙය සකස් කරන විද්වත් මණ්ඩලයේ යෝජනාවක් තමයි ඉදිරිපත් වුණේ . එහිදී පාර්ලිමේන්තුවේ මෙපමණ දවසක් කතා නොකර සිටි මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම ප්‍රශ්න ඇසුවා.

රටට ගැළපෙන ආකාරයේ දේශපාලනය දැන්වත් තෝරා ගන්න. ඔහුගේ ආණ්ඩුවට ඉතා විශාල වශයෙන් චෝදනා තිබෙනවා. මිනීමැරුම් ,රටේ ධනය කොල්ල්කෑම , මාධ්‍යවේදී ඝාතන , මාධ්‍යවේදීන්ට පීඩා කිරීම් , ආර්ථිකය විනාශ කළා, කොමිස් ගැහුවා , පගා ගැහුවා , යන ආදී ලෙස චෝදනා රැසක් තිබෙනවා.ඊට සම්බන්ධ නඩු අධිකරණයේ විභාග වෙමින්ද පවතිනවා. එවැනි තත්ත්වයකට රට පත්වූයේ ඔහුගේ දශකය තුළ නම් එවැනි තතත්වයකට නැවත මේ රට ඇඳ දමන්නේ ඇයි කියා අහනවා. විමල් වීරවංශ , උදය ගම්මන්පිල වැනි අයත් හදන්නේ කුමන හෝ ආකාරයකින් නැවත දේශපාලන බලය අල්ලා ගැනීමට යි.

ටීඑන්ඒ එක පසුගිය දින වල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ ක්‍රමවේදයට විරුද්ධව කටයුතු කල සිදු වීමේ දී විසඳුම් ලබා දීමට කටයුතු කෙළේ කිසිදු ගිවිසුමක් නැතිව කියා ඉතා පැහැදිලිව දන්නවා.

මෙය යෝජනාවලියක් පමණ යි. මේ ගැන පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කර පරාජයට පත් කරන්න් පුළුවන්. කැබිනට් මණ්ඩලය , කමිටුවේ දී , පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වීමෙන් පසුව ජනමත විචාරණයක් හරහා ජනතාව හමුවටත් යනවා . මෙය නරක යෝජනාවලියක් නම් ජනමත විචාරනයකදී බලාගන්නට පුළුවන්.

රට ආපස්සට යන ආකාරයට කටයුතු කරන්න එපා කියා පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

අතුරුදහන්වූවන්ගේ කොමිසමේ මූලික අදහසක් ලෙස ඉදිරිපත් වී ඇති මූලික අදහසක් ලෙස අතුරුදහන් වූවන්ගේ පවුලේ නඩත්තුව සඳහා දීමානවක් ලබා දීම ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලනවා. රුපියල් 6000 ක දීමනාව මාසිකව ලබා දෙන්න කියා ආණ්ඩුවට ඉල්ලීම කරනවා.

රජයේ සේවකයන්ගේ අහිමි කල විශ්‍රාම වැටුප නැවත ලබා දෙන්න කියා ද ඉල්ලනවා.

ගොවියන්ට සහනාධාර ක්‍රමයට පොහොර දෙන විට හා නොමිලේ පොහොර ලබා දෙන විට රුපියල් බිලියන 6 ක පමණක් වෙනසක් තියෙන්නේ.

ඒ නිසා කෘෂීකර්මාන්තයේ නියතු ගොවීන්ට පොහොර නොමිලේ දෙන්න කියා ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කලා. ඒ ආකාරයට ආණ්ඩුවට අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඉදිරි කාලයේදී ගෙනඒමට නියමිත අයවැය යෝජනාවට එම ආර්ථික සංවර්ධන යෝජනාව , බුද්ධශාසන යෝජනාව වැනි දෑ ද සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක කරන්න කියා අපි ආණ්ඩුවට බල කරනවා.

රාජ්‍ය ආයතන, සංස්ථා හා විධායක ආයතන වලට නිලධාරීන් පත් කිරීම් පිළිබඳ නීති ගෙන එන්න බැහැ. එකගතාවයෙන් කටයුතු කරන්න පුළුවන්. නමුත් මේ ආයතන සඳහා සභාපතිවරු පත් කිරීමේ දී ප්‍රමාද වනවා නම් එහිදී ප්‍රශ්නයක් තිබෙනවා.

විධායකය හා ආණ්ඩුව යන දෙපක්ෂයෙන්ම රටේ යටපත උදෙසා එකට එකතු වී වැඩ කරන ලෙස ද ඉල්ලීමද කරනවා.

එහිදී අදහස් දැක්වූ ජයවර්ධවපුර විශ්ව විද්‍යාලයේ ආචාරය දඹර අමිල හිමි ,

ඕනෑම කණ්ඩායමක් දේශපාලන වශයෙන් බංකොලොත් වූවිට වහාම තල්ලු වන තැන තමයි ජාතිවාදය හා ආගම්වාදය.

විධායක ජනාධිපතිත්‍රමය අහෝසි කිරීමට , ඡන්ද ක්‍රමයේ ගැටලු , ජාතික ගැටලුවක් වන උතුරු දකුණේ කැරළි වැළැක්වීමට නීති පද්ධතියක් , සාධාරණ සමාජයක් බිහිකරන ආකාරයේ සුදුසු ආර්ථික මට්ටමක්බිහිකරන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු යි.

මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට අවසානයේ දී මහනතාවගේ ජනමතය අවශ්‍ය යි.ඒ නිසා මෙහි සැබෑ කතෘකම හිමිවන්නේ මහජනතාවට යි. ඒ නිසා මේ ගැන බොරැවට බිල්ලෝ මවන්න එපා. හාමුදුරුවෝ රවට්ටලා එයාලා ලවා බොරු දේශනා කරවන්න එපා. මහින්ද රාජපක්ෂ , ජී එල් යන මහත්වරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරද්දී එය විචාරශීලීව බලන්න කියා හාමුදුරුවන්ට කියනවා.

විචාර බුද්ධියෙන් හිතන්න. ප්‍රශ්න කරන්න. ඉන්පසුව මාධ්‍ය ඉදිරියට ඇවිත් කරුණු දක්වන්න. පරාජිත දේශපාලඡයන් පුනරුත්ථාපනය නොවීසිටියදී බලයට ගෙන ඒමට කටයුතු කරන්න එපා.

රටේ සංවර්ධනය ඉලක්ක කර මාධ්‍ය භාවිතා කරන්න කියා මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන වලට කියනවා. සත්‍ය අසත්‍ය ලෙස බවට පෙන්වා ඉදිරිපත් කරන්න එපා.රටට , සමාජයට , අනාගතයට , සංවර්ධන උපායමාර්ග බලපාන ආකාරයට මාධ්‍යකරණයේ නිරත වන්න. මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා සාධාරණ ඉඩක් ලබා දෙන්න.

චන්දිමා කරුණාරත්න

 

නව අදහස දක්වන්න