ජනාධිපති අරමුදල ලේක්හවුස් ගොඩනැගිල්ලට | දිනමිණ

ජනාධිපති අරමුදල ලේක්හවුස් ගොඩනැගිල්ලට

කොළඹ 01, ජනාධිපති මාවත, රේණුකා ගොඩනැඟිල්ල, අංක 41 ස්ථානයේ පිහිටි ජනාධිපති අරමුදල මෙම 18 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැඟිල්ල, 03 වන මහල,

අංක 35 දරන ස්ථානයේ නව කාර්යාලය ස්ථාපිත කෙරෙනු ඇත.

වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල නව ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර, එම කටයුතු හේතුවෙන් හෙට(18) සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ ද කනගාටුව පළ කෙරේ.

මේ මස 21 වනදා සිට ජනාධිපති අරමුදලේ සේවා කටයුතු යථා පරිදි සිදු කෙරෙන අතර ඒ හා සම්බන්ධ විය හැකි දුරකථන අංක පෙර පරිදිම වේ. එනම් 011-2331245, 011-2431610, 011-2382316 දුරකථන අංක ඔස්සේ ජනාධිපති අරමුදල හා සම්බන්ධ විය හැකිය.

නව අදහස දක්වන්න