නියෝජ්‍ය නගරාධිපතිට ඇප - UPDATE | දිනමිණ

නියෝජ්‍ය නගරාධිපතිට ඇප - UPDATE

අත්අඩංගුවට ගනු ලැබූ අක්කරෙයිපත්තුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆූර් අස්මි, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.

ඒ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අද ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ විමර්ශන කටයුත්තක් සදහා අවස්ථා කිහිපයකදී එම කොට්ඨාශයේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමක් පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබා ගත් වරෙන්තුවක් මතයි.

අක්කරෙයිපත්තු නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට - UPDATE

අධිකරණ වරෙන්තුවකට අනුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී නොසිටීමේ සිද්ධියකට අදාලව අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆූර් අස්මි ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව සැකකරුගෙන් මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් ඇති බව එම ඒකකය පවසයි.

සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද ත්‍රස්ත විමර්ශන ඒකකය සදහන් කළේය.

නව අදහස දක්වන්න