සියළුම වාහන කාබන් බද්දට යටත් කෙරේ | දිනමිණ

සියළුම වාහන කාබන් බද්දට යටත් කෙරේ

2018 අයවැය මඟින් සම්මත කරනු ලැබූ  කාබන් බද්ද, 2019 ජනවාරි මස සිට සියලුම වාහන සඳහා ක්‍රියාත්මක වන අතර රජයේ  සියලු වාහන ද මෙම බද්දට යටත් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන වාහන පමණි.

රජය සතු වාහන ද මෙම කාබන් බද්දෙන් නිදහස් කර නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

රජය විසින් නිකුත් කරනු ලැබූ 2018  අංක 35 දරණ මුදල් පනත යටතේ මෙම බද්ද ස්ථාපිත කර ඇත.

සෑම මෝටර් රථයක්ම  ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර වාර්ෂිකව ආදායම් බලපත්‍රය අලුත් කරනු ලබන අවස්ථාවේ මෙම බද්ද අය කරනු ලබයි.

වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් සඳහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද පහත වගුවේ දැක්වෙන පරිදී අය කරගනු  ලබයි.

මගී ප්‍රවාහන බස්රථ සඳහා වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස මෙම කාබන් බද්ද අයකරනු ලබන අතර වසර 5ට අඩු බස්රථ සඳහා රුපියල් 1000ක්ද, වසර 5-10ත් අතර පැරණි බස්රථ සඳහා රුපියල් 2000ක්ද, වසර 10කට වඩා  පැරණි බස්රථ සඳහා රුපියල් 3000ක්  වන පරිදී බදු ගෙවිය යුතු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

අදහස් 1ක් ඇත

Maha kalama kanni ratak

නව අදහස දක්වන්න