SLIA සම්මාන රාත්‍රි­යට JAT හෝල්ඩින්ග්ස් අනු­ග්‍ර­හය | දිනමිණ

SLIA සම්මාන රාත්‍රි­යට JAT හෝල්ඩින්ග්ස් අනු­ග්‍ර­හය

ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන මෙන්ම විවිධාංගිකරණය වූ සමාගමක් වන JAT හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගෘහ නිර්මාණශිල්පී ආයතනය වන Sri Lanka Institute of Architects (SLIA) හි සම්මාන උළෙල සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති මේ සම්මාන උළෙල, 2016 දී Aga Khan සම්මානය දිනාගත් මරීනා තබසම්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, SLIA සභාපති, ගෘහ නිර්මාණ ශිල්පී D H විජේවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපති, සභා සාමාජිකයන්, කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තිකයන්ද මේ අවස්ථාව සඳහා සහභාගී වූහ. මේ වාර්ෂික සම්මාන උළෙල SLIA දින දර්ශනයෙහි වැදගත්ම අංගයක් වන අතර, එය ගෘහ නිර්මාණ ශිල්පී කර්මාන්තයේ දක්ෂතා ඇගයේ.


නව අදහස දක්වන්න