ජෝන් කීල්ස් නව නි. සභා­පති ක්‍රිෂාන් බාලේන්ද්‍ර | දිනමිණ

ජෝන් කීල්ස් නව නි. සභා­පති ක්‍රිෂාන් බාලේන්ද්‍ර

ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි නියෝජ්‍ය සභාපතිවරයා ලෙස 2018 ජනවාරි මස 1 වන දින පත්කරන ලද අතර එහි විධායක අධ්‍යක්ෂවර‍යෙක් ලෙස 2016 නොවැම්බර් මස පත්කරගන්නා ලදී. ඔහු නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සීහි පසුගිය සභාපතිවරයාද වේ. ඔහු මීට පෙර ජෝන් කීල්ස්හි Leisure හා Retail අංශයන්හි ප්‍රධානී ද විය. බාලේන්ද්‍ර මහතා හොංකොං, යූඑස්බී වෝබර්ග් හි ආ‍යෝජන බැංකුකරණය හා එයිට්කන් ස්පෙන්ස්හි ආයතනික මූල්‍ය කාර්යයන්හි රාජකාරි කටයුතු නිමවීමෙන් පසුව 2002 වසරේ දී ආයතනික මුල්‍ය ප්‍රධානී ලෙස ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හා සම්බන්ධ විය. කොළඹ කොටස් හුවමාරුවේ හිටපු සභාපති වරයෙක් වූ බාලේන්ද්‍ර මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය (LLB) සහ INSEAD වෙතින් MBA උපාධිය ලබා ඇත. ඔහු ලංකා වාණිජ මණ්ඩලයෙහි ප්‍රධාන කමිටුවේ සාමාජික‍යෙකු වීමට අමතරව ශ්‍රී ලංකාවේ පෝලන්ත ජනරජයේ කොන්සල් ජනරාල්වරයාද වේ.

ගිහාන් කුරේ මහතා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සීහි මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස 2018 ජනවාරි මස 1වන දින පත්කරන ලද අතර, 2016 නොවැම්බර් මස ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සීහි විධායක අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්කරගන්නා ලදී. ඔහු නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සීහි සභාපතිවරයා ද වේ. කුරේ මහතා ටෙක්සාස්, හූස්ටන්හි රයිස් විශ්වවිද්‍යාලයේ ජෙසේ එච්. ජෝන්ස් කළමනාකරණ උපාධි ශාස්ත්‍රාලයේ MBA උපාධියක් ලබා ඇත. ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජියෙකු මෙන්ම, ඕස්ට්‍රේලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරවරයෙක් ද වන අතර, එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් අළෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇත

නව අදහස දක්වන්න