බර කිලෝ 400ක් පමණ වන ඝණ්ටාරයක් නිර්මාණය කරයි | දිනමිණ

බර කිලෝ 400ක් පමණ වන ඝණ්ටාරයක් නිර්මාණය කරයි

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

රුපියල් ලක්ෂ 14 ක පමණ වියදමින් බර කිලෝ 400 ක් පමණ වන ඝණ්ටාරයක් නිර්මාණය කිරීම පසුගිය දා හොරණ රජමහා විහාරස්ථ පරිශ්‍රයේදී සිදු කෙරිණ .

මෙම ඝණ්ටාරය නිර්මාණය කිරීමේ කටයුතු සිදු කෙරුණේ පාරම්පරික ඝණ්ටාර කර්මානතකරුවන් වන සෙන් ලංකා අධිපති ලසන්ත ජයේන්ද්‍ර මහතා ප්‍රමුඛ ඔවුන්ගේ පවුල් 20 කට අයත් සාමාජික පිරිස අතිනි .

මේ සඳහා පැමිණ සිටි උපාසිකාවන් විසින් තම කන කර පරිත්‍යාග කළ අතර තඹ , රත්තරං ඇතුළු ලෝහ වර්ග උණුකර පොළව යට සෑදු පෝරණුවක තැන්පත් කර තිබූ ඉටි වලින් කළ ඝණ්ටාර අච්චුවකට වත් කර මෙම ඝණ්ටාරය නිර්මාණය කෙරිණ . උණු කර ගත් ලෝහ මිශ්‍රණය අච්චුවට වත් කිරීම සඳහා විශාල කෝව දෙකක් උපයෝගි කර ගත් අතර පුරා පැය 06 ක පමණ කාලයක් තිස්සේ සිදු කළ මෙම භාරදූර දුර්ලභ අවස්ථාව දැක බලා ගැනීම සදහා විශාල පිරිසක් රැස්ව සිටියහ .විහාරාධිපති පුජ්‍ය මදුරාවල සෝභිත හිමියන්ගේ මගපෙන්වීමෙන් විහාර භාරකාර පුජ්‍ය හොරණ ජිනානන්ද , විහාරවාසි කිග්ගහ ඤානින්ද යන හිමිවරුන් ඇතුළු දායක සභාව විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණ .

 


නව අදහස දක්වන්න