අක්කරපත්තුව නි. නගරාධිපතිට රුපියල් ලක්ෂයක ශරීර ඇප | දිනමිණ


 

අක්කරපත්තුව නි. නගරාධිපතිට රුපියල් ලක්ෂයක ශරීර ඇප

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් සමඟ රාජ්‍ය තර්ජනයක් වන ආකාරයට තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස කළ නියෝගය පැහැර හැරීම නිසා අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු නියෝග මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අක්කරපත්තුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අප්දුල් ගෆූර් අස්මි නමැත්තා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (17) නියෝග කළාය.

එලබෙන ජනවාරි 29, 30 හා 31යන තෙදින තුළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත ඉදිරිපත් වී ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය සැකකරුට නියෝග කළාය.

සැකකරු පසුගිය(16) මරදාන ප්‍රදේශයේ පැවති උත්සවයකට පැමිණ සිටි අවස්ථාවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඊයේ(17) ඉදිරිපත් කරන ලදී.

ලබන පෙබරවාරි මස 22වනදා නඩුව යලි කැඳවීමට නියමිතය.

අමෝදා ජයමහ

නව අදහස දක්වන්න