ජනපති මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක | දිනමිණ

ජනපති මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පෙරේදා(17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

බැංකු මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සභාපති තකෙහිකෝ නාකාඕ (Takehiko Nakao) මහතා මහත් ගෞරවයෙන් යුතුව පිළිගත්තේය.

අසියානු සංවර්ධන බැංකු මූලස්ථානය ස්ථාපිත කළ අවධියේ සිට එහි සුවිශේෂී අවස්ථාවන් සිහිපත් කරමින් ප්‍රදර්ශනය කැර ඇති ඡායාරූප එකතුව නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය. අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ (Takehiko Nakao) මහතා ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති 3ක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට අදාළ ගිවිසුම්වලට ද එහි දී ජනාධිපතිතුමා සහ සභාපතිවරයා අතර අත්සන් තැබිණි.‍

ඡායාරූප : සුදත් සිල්වා

නව අදහස දක්වන්න