ලෝක කුසලානයට පහතරට කේක් | දිනමිණ

ලෝක කුසලානයට පහතරට කේක්

ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග විදහාපාන ආකාරයට පහත රට නර්තන සහ වෙස්මුහුණු කලාව හා බැඳුණු කේක් ආකෘති ඉදිරිපත්කොට මේ වසරේ ලෝක කුසලාන කේක් තරගාවලියට අප රට නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ දිරිය දියණියක පිළිබඳ ඉතාලියෙන් වාර්තා වේ.

ලෝකයේ විවිධ රටවලින් පැමිණ ඉතාලියේ ජීවත්වෙන පිරිස් අතර පැවැති කේක් තර‍ගයේ ප්‍රථම ස්ථානය ලබාගෙන මෙවර ‍ලෝක කුසලාන කේක් තරගාවලියට සහභාගිවීමට වරම් හිමිකරගත් එකම ශ්‍රී ලාංකික දියණිය මහේෂී මතියාස් නම් වේ.

මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන මහේෂි මතියාස් ඉතාලියේ එෆ්. අයි. පී. ෆෙඩරසයන් ඉන්ටර්නැෂනල් පැස්ටිසෙරියා ගැලවෙරියා සියොකලටේරියා සමාගම විසින් සංවිධාන කරන ලෝක කුසලාන කේක් තරගාවලියට සුදුසුකම් ලැබීම අප රටට කීර්තියක් ද වේ.

ශකී කේක් ඉන්ටර්නැෂනල් 2018 තුළින් කේක් කලාවේ නවමු මාවතකට යොමුවීමට මහේෂි මතියාස් දියණියට අවස්ථාව ලබාදීම පිළිබඳ ඇය ශකී පෙරේරා ලියනපතිරණ, නන්දෙ ලියනපතිරණ ගුරු මෑණිවරුන්ට ස්තුතිය ද පළකොට සිටියාය. එපමණක් නොව මෙවන් ජාත්‍යන්තර තරගයකට තමා යොමු කළ ස්ටේපන් මතියාස් මහතාව ද ගෞරවයෙන් සිහිපත් කරන බව කී මහේෂී තම ජයග්‍රහණයට සුබපැතූ සැමට ස්තුතිය පුද කරන බව ද කීවාය.


නව අදහස දක්වන්න