නීති විරෝධීව ඇති කළ කිඹුලා කාන්තාවක් මරා දමයි | දිනමිණ

නීති විරෝධීව ඇති කළ කිඹුලා කාන්තාවක් මරා දමයි

නීති විරෝධී අයුරින් ඇති කරන ලද කිඹුලෙකු විසින් කාන්තාවක මරා දැමූ පුවතක් ඉන්දුනීසියාවේ සුලවේසි ප්‍රදේශයෙන් වාර්තා වේ. 
 
එම කාන්තාව කිඹුලා රඳවා සිටි ජල තටාකය තුළ ඇද වැටීමෙන් පසු ඇය කිඹුලාගේ ගොදුරක් බවට පත්ව තිබේ.
 
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ කිඹුලා නීති විරෝධී ලෙස ඇති කළ ගොවිපොළේ සේවය කළ 44 හැවිරිදි ඩේසි ටුවෝ නමැති කාන්තාවකි.  ගොවිපොළේ විද්‍යාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඩේසි, කිඹුලාට ආහාර ලබා දෙමින් සිටි අවස්ථාවේ එම ජල තටාකයට ඇද වැටී ඇති අතර ගොවිපොළේ  සේවකයින් විසින් ඇගේ මෘත දේහය සොයාගෙන ඇත්තේ පසුදාය.
 
මෙරී නමැති කිලෝ ග්‍රෑම් 700 ක් පමණ බරැති එම කිඹුලා ඇගේ අතක් සහ උදරයෙන් වැඩි ප්‍රමාණයක් කා දමා ඇතැයි වාර්තා වේ.
 
මෙම සිදුවීම සම්බන්ධයෙන් ගොවි පොළේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙන අතර කිඹුලා ආරක්ෂිත වන ජීවී කලාපයකට මුදා හැර තිබේ.

නව අදහස දක්වන්න