ජාත්‍ය­න්තර සුහ­ද­තාව! | දිනමිණ

ජාත්‍ය­න්තර සුහ­ද­තාව!

ශ්‍රී ලංකා­වට ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දලේ හා ආසි­යානු සංව­ර්ධන බැංකුවේ සම්පූර්ණ සහ­යෝ­ගය ලැබෙන බවට සහ­ති­ක­යක් ලැබී තිබේ. මේ තත්ත්වය හෙළි­ද­රව් වන්නේ ජනා­ධි­ප­ති­ව­රයා පිලි­පී­නයේ කරන නිල සංචා­ර­යෙන් හා මුදල් අමා­ත්‍ය­ව­රයා ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දල සමඟ කරන සාකච්ඡා ඔස්සේ ය. ආසි­යානු සංව­ර්ධන බැංකුව මේ වන­වි­ටත් ශ්‍රී ලංකාවේ සංව­ර්ධ­නය සඳහා ණය මුද­ලක් අනු­මත කර ඇති බව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට කියා ඇත. මුදල් අමා­ත්‍ය­ව­රයා ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දල සමඟ කරන සාකච්ඡා හැම අතෙ­කින් ම පාහේ සාර්ථක බව වාර්තා වී ඇත. ජගත් මුල්‍ය සංවි­ධා­න­වල සහ­යෝ­ගය අප ලබා ගත යුතුය. ඉන් තොර සංව­ර්ධ­න­යක් ගැන අපේක්ෂා තබා ගත නො හැකි ය.

2015 න් පසුව ශ්‍රී ලංකාව දේශ­පා­ල­නික වශ­යෙන් ලැබූ සුවි­ශේෂ ජය­ග්‍ර­හ­ණ­යක් වන්නේ අන්ත­ර්ජා­තික විශ්වා­සය දිනා ගැනීම ය. එම විශ්වා­සය ගොඩ­නැ­ඟුණේ රටේ පැවැති ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නිද­හස, මානු­ෂික නිද­හස හා දූෂණ වංචා­ව­ලට එරෙ­හිව ගෙන ගිය නීති­මය වැඩ­ක­ට­යුතු නිසා ය. ඒ හැරෙ­න්නට රටක් වශ­යෙන් ස්වාධී­නව නැඟී සිටි­න්නට ගනු ලැබූ උත්සා­හය ද ජගත් මුල්‍ය සංවි­ධා­න­වල අව­ධා­න­යට ලක් වී තිබිණි. ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දල පෙන්වා දෙන අන්ද­මට කිසි­යම් රාජ්‍ය­යක් වාර්ෂි­කව සිය­යට හයක හෝ සිය­යට හතක හෝ ආර්ථික වෘද්ධි­යක් සට­හන් කරන්නේ නැති­නම් එම රට­ව­ලට ණය මුදල් අනු­මත කිරීම ප්‍රති­ක්ෂේප කරනු ලැබේ.

ශ්‍රී ලංකාව පසු­ගිය දස­කය පුරා­වට 6%ක හෝ 7% ක හෝ ආර්ථික වෘද්ධි­යක් සට­හන් කර නැත. එහෙත් ශ්‍රී ලංකාවේ ඇතැම් ක්ෂේත්‍ර ස්වාධීන ලෙස වර්ධ­නය වී තිබේ. සංචා­රක ක්ෂේත්‍රය ඊට කදිම නිද­සු­නක් ලෙස ගත හැකිය. සංචා­රක, වරාය කට­යුතු, අධ්‍යා­ප­නය හා කාර්මික අංශය ද සැලැ­කිය යුතු මට්ට­ම­කින් වර්ධ­නය වී ඇත. ශ්‍රී ලංකාව ආසි­යාවේ හොඳ ම සංචා­රක ගම­නා­න්තය ලෙස ද නම් කර ඇත. මෙයින් පෙනී යන්නේ ආර්ථි­කය ප්‍රසා­ර­ණය වෙමින් පව­තින බවය. මේ තත්ත්ව­යන් සැලැ­කි­ල්ලට ගෙන ඇති ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දල ශ්‍රී ලංකා­වට දිග­ටම සහ­යෝ­ගය දැක්වී­මට තීර­ණය කර ඇතැ’යි ආසි­යාවේ සංව­ර්ධ­නය පිළි­බඳ ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දලේ ප්‍රධානී ක්‍රිෂ්ටින් ලැගාර්ඩ් පෙන්වා දෙයි.

2016 සිට 2019 දක්වා ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දල ශ්‍රී ලංකා­වට අනු­මත කළ ණය මුද­ලක් තිබිණි. එය කිසි­යම් අර්බු­ද­ය­කට ලක් වූයේ 2018 සැප්තැ­ම්බ­රයේ රට තුළ ඇතිවූ දේශ­පා­ලන අර්බු­දය නිසා ය. මුල්‍ය අර­මු­දලේ නිල සාකච්ඡා ගණ­නා­ව­කදී ශ්‍රී ලංකාවේ තත්ත්වය සාක­ච්ඡා­වට ලක් විය. කොටින්ම ඉහත කී ණය මුදල නොලැ­බෙන පසු­බි­මක් ගොඩ­නැ‍ඟෙ­මින් පැවැ­තිණි. දැන් එය නිරා­ක­ර­ණ­ය­කට පැමිණ ඇති බව පෙනෙයි. මුදල් අමා­ත්‍ය­ව­රයා හා මුල්‍ය අර­මු­දලේ නිල­ධා­රීන් අතර පැවැ­ත්වෙන සාක­ච්ඡා­ව­ලින් හෙළි­ද­රව් වන්නේ සුබ­දායී තත්ත්ව­යක් ගොඩ­නැඟී ඇති බවය. අනු­මත ණය මුදල් අපේ­ක්ෂිත අයු­රින් ලැබෙනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය.

විදේශ මුදල් සංචිත ඉහළ යෑම රටේ ආර්ථි­ක­යට ඉතා සුබ­දායී ලෙස බල­පායි. අපේ ගෙවුම් ශේෂ ගැටලු සහ රුපි­යලේ අව­ප්‍ර­මා­ණය වීම් සඳහා විසැ­ඳු­මක් ද මේම­ගින් ලැබෙනු ඇත. රුපි­යලේ අගය දිගින් - දිග­ටම පිරි­හීම ගැන විවිධ දේශ­පා­ලන කතිකා පැවැ­ත්වෙයි. එහෙත් කිසිදු දේශ­පා­ලන පක්ෂ­යක් හෝ කිසිදු දේශ­පා­ලන නාය­ක­යකු හෝ මීට ස්ථාවර විසැ­ඳු­මක් ඉදි­රි­පත් කරන බවක් පෙනෙ­න්නට නැත. රුපි­යලේ අගය යථා තත්ත්ව­යට පත් කිරී­මට නම් කරුණු දෙකක් ගැන සැලැ­කිල්ල දැක්විය යුතුය. පළ­මු­වන්න ආන­යන හැකි­තාක් අඩු­කි­රීම ය. දෙවන්න අප සතු විදේශ මුදල් සංචිත තර කිරීම ය. විදේශ මුදල් සංචිත තර කිරී­මට ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ණය හා ආධාර මෙන්ම ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දලේ ණය හා ආධාර ද ඉතා හොඳින් ගැළ­පෙයි.

ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දල ගැන ද ලෝක බැංකුව ගැන ද අති­ශය වැරැදි වැට­හී­මක් අපේ ජන­තාව තුළ තිබේ. මේ ආය­ත­න­වල උත්ස­හය වන්නේ දුප්පත් රට­වල් ලෝක මට්ට­මෙන් දියුණු කිරීම මිස එම රට­වල් නැති කිරීම නොවේ. එහෙත් අපේ දේශ­පා­ල­ක­යන් මේ ආය­තන දිගට - හර­හට විවේ­ච­නය කර­නුයේ ඒවා අපේ රට­වල් සූරා­කෑ­මට ඉදි­රි­පත් වී ඇති බව පෙන්වා දෙමින් ය. මේ තර්ක හා විවේ­චන තර්කා­නු­කූල නැත. 2014 දී ශ්‍රී ලංකා­වට පැමිණි මුල්‍ය අර­මු­දලේ නිල­ධා­රීන්ගේ මතය වූයේ ශ්‍රී ලංකාව නිද­හස් අධ්‍යා­ප­නය සඳහා මීට වඩා බර­ප­තළ විය­ද­මක් දැරිය යුතු බවය. එහෙත් වමේ දේශ­පා­ලන විචා­ර­ක­යන්ගේ අද­හස වන්නේ ලෝක බැංකුව හා ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දල නිද­හස් අධ්‍යා­ප­නය කප්පාදු කිරී­මට උප­දෙස් දෙන බව ය.

රටේ ආර්ථි­කය ඉදි­රි­ගාමී කිරී­මට නම්; ලෝක ආර්ථි­කය හා ලෝක ආර්ථි­කයේ ප්‍රව­ණතා ගැන මනා වැට­හී­ම­කින් ක්‍රියා කළ යුතුය. කලා­පීය වශ­යෙන්ද මහා­ද්වී­පික වශ­යෙන්ද ලෝක මට්ට­මින් ද ආර්ථික ආධාර, උප­දේ­ශන හා ණය ලබා­ගැ­නී­මට බිය විය යුතු නැත. ණය ලබා­ගෙන නිසි කළ­ම­නා­ක­ර­ණ­ය­කින් සංව­ර්ධ­නය මෙහෙ­යැ­වන්නේ නම්; කිසිදු ගැට­ලු­වක් මතු­වන්නේ නැත. එවිට කෙමෙන් ආර්ථි­කය ප්‍රසා­ර­ණය වනු ඇත. වාර්ෂික ආර්ථික වෘද්ධිය සිය­යට හය හෝ සිය­යට හත හෝ ඉක්ම­වනු ඇත. ආසි­යාවේ හොඳම සංව­ර්ධන වේග­යක් සට­හන් කර­ගෙන ඇති රට­වල් ලෙස විය­ට්නා­මය, පිලි­පී­නය වැනි රට­වල් සඳ­හන් කළ යුතුය. එම රට­වල සහ­යෝ­ගය ද අපට අවශ්‍ය වෙයි.

මේ පසු­බිම විම­ර්ශ­නය කරන විට පැහැ­දිලි වන්නේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පිලි­පීන සංචා­රය මෙන් ම මුදල් අමා­ත්‍ය­ව­ර­යාගේ මුල්‍ය අර­මු­දලේ සාකච්ඡා ද අපේ අනා­ග­තය සම්බ­න්ධ­යෙන් අති­ශය හිත­කර වන බවය.

 


නව අදහස දක්වන්න