කටු­මැටි පැලක සිට නිවෙ­සක සිහි­නය දකින අස­රණ පවු­ලක් | දිනමිණ

කටු­මැටි පැලක සිට නිවෙ­සක සිහි­නය දකින අස­රණ පවු­ලක්

වසර ගණ­නා­වක් තිස්සේ කටු­මැටි පැලක සිට නිවෙ­සක සිහින දකින අස­රණ දරු­ප­වු­ලක් නාඋල - බෝගස් බොබැල්ල ප්‍රදේ­ශයේ ජීවත් වෙති. හරි­හ­මන් රැකි­යා­වක් නොමැ­තිමේ පවුලේ ගෘහ­මූ­ලි­කයා එන්.එම්.ජී. ධර්ම­සේන (50) මහ­තාය .ඔහු කියා සිටියේ තමන් එදි­නෙදා උප­යා­ගන්නා මුද­ලින් නිවෙ­සක් තැනීම හෝ මාසි­කව ආහාර සපයා ගැනීම පවා දුෂ්කර වී ඇති බවයි. දැරි­යන්ගේ මව වන ඒ.ඒ. පත්මා ප‍්‍රියං­ගනි (49) රෝගාබාධ රැස­කින් පෙළෙන බැවින් ඇයට ද නිසි රැකි­යා­වක් කර ගැනී­මට නොහැ­කිව පසු­වෙයි. බෝගස් බොබැල්ල කනිෂ්ධ විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන වයස අවු­රුදු 14ක් වූ එන්.එම්.ජී. කසුනි අනු­ත්තරා සහ වයස අවු­රුදු 07ක් වු එන්.එම්.ජී.තරුෂි කෞෂල්‍යා දැරි­යන් දෙදෙ­නාත් පවුලේ ආර්ථි­කය වෙනු­වෙන් ඇග­ළුම් කම්හ­ලක සේවසේ නියුතු පවුලේ වැඩි­ම­හල් දිය­ණිය එන්.එම්.ජී. තාරකා මදු­වන්ති (19) දැරි­යන් තිදෙ­නාත් සමඟ ජීවන අර­ග­ල­යක නිර­ත­වන මේ පවුල දෙස සානු­ක­ම්පි­තව බල­න්නෙ­කුට අඩක් නිම­කර ඇති නිවෙස සදා­ගැ­නී­මට උප­කාර කළ හැකිය.

මේ වන තෙක් රජ­යෙන් ලබා­දෙන කිසිදු දීම­නා­ව­කට හිමි­කම් නොකි­යන මේ පවුල නඩත්තු කරන ධර්ම­සේන මහතා කියා සිටියේ දින­කට ලැබෙන පුංචි මුද­ලින් සුරා­වෙන් සූදු­වෙන් තොරව සිය දරු පවුලේ අව­ශ්‍යතා වෙනු­වෙන් කට­යුතු කරන බවයි. දරු­වන්ට හොද අනා­ග­ත­යක් සදා දෙන්නට නොවි­දිනා දුක් විදින ධර්ම­සේ­නගේ බලා­පො­රො­ත්තුව වී ඇත්තේ කාමර දෙකක් හෝ දරු­වන්ට සාදා දීම­ටය.

වෙනත් පාසල් දරු­වන්ට මෙන් ලස්සන ඇදුම් පැල­දුම් පොත් පත් මෙන්ම දෙපා හැඩ­වෙන පාව­හන් මේ කුඩා දැරි­යන්ට නුහුරු දේවල්ය.

නාඋල සමූහ - අයි.ඒ. කුමාර

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න