සමෘ­ද්ධි­ලා­භීන් සවි­බල ගැන්වී­ම­ටද නිල­ධා­රීන් කැප­විය යුතුයි | දිනමිණ

සමෘ­ද්ධි­ලා­භීන් සවි­බල ගැන්වී­ම­ටද නිල­ධා­රීන් කැප­විය යුතුයි

මානෙල් පුෂ්ප කුමාරි

සමෘද්ධි නිල­ධා­රීන් තම වෘත්තීය අයි­ති­වා­සි­කම් දිනා ගැනී­මට කට­යුතු කර­නවා සේම ලක්ෂ 14ක් පමණ වන සමෘ­ද්ධි­ලා­භීන් සවි­බල ගන්වා සමා­ජ­ගත කිරී­මට සමෘද්ධි නිල­ධා­රීන් කැප වී ක්‍රියා කළ යුතු බව ප්‍රාථ­මික කර්මාන්ත සහ සමාජ සවි­බල ගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා පැව­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ අමා­ත්‍යාංශ ශ්‍රව­ණා­ගා­රයේ පසු­ගි­යදා (16) වෘත්තීය සමිති සමඟ පැවති සාක­ච්ඡා­ව­කට එක්වෙ­මිනි.

මේ වන විටත් විධි­මත් ලෙස පත්වීම් ලිපි­යක් ලබා දී නොමැති සේව­ක­යන් වෙනු­වෙන් පත්වීම් ලිපි­යක් ලබා­දී­මට ඇමැ­ති­ව­ර­යාගේ අව­ධා­න­යට ලක් කළ වෘත්තීය සමිති නියෝ­ජි­ත­යන් මේ වන විටත් බොහෝ නිල­ධා­රීන් වයස අවු­රුදු 60ක් සම්පූර්ණ කර විශ්‍රාම යාමට සූදා­නම් බව වෘත්තීය සමිති ඇමැ­ති­ව­ර­යාට කීය.

සේවයේ නිරත වී සිටි සම­හර නිල­ධා­රීන් මේ වන­වි­ටත් මිය ගොස් ඇති අතර ඒ කිසි­වෙකු වෙනු­වෙන් විශ්‍රාම වැටුප හෝ වැන්දඹු අන­ත්දරු විශ්‍රාම වැටුප නොලැ­බීම පිළි­බ­ඳව මෙහිදී අමා­ත්‍ය­ව­ර­යාගේ අව­ධා­න­යට ලක් විය.

මෙහිදී වැඩි­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද කීය.

මේ වන­විට සමෘද්ධි ව්‍යාපා­රය ආරම්භ කර දශක දෙක­කට වැඩි කාල­යක් ගතවී තිබෙ­නවා. මේ දශක දෙක පුරාම සමෘද්ධි සහ­නා­ධාර ලබා­ගන්නා ප්‍රති­ලා­භීන් සිටි­නවා. සිය­යට අසූ තුන­කට වැඩි පිරි­සක් වසර 15 කට වඩා වැඩි කාල­යක් සමෘද්ධි සහ­නා­ධා­රය ලබ­නවා. අැත්ත­ටම ඒකෙන් අර්ථ දක්වන්නේ සමා­ජය සවි­බල ගැන්වී­මක් කර නොමැති බවයි. දැනට සමෘද්ධි සහ­නා­ධා­රය ලබන පිරිස ලක්ෂ 14 ක් පමණ වෙනවා. තව­දු­ර­ටත් සමෘද්ධි සහ­නා­ධා­රය බලා­පො­රො­ත්තු­වෙන් ලක්ෂ අට­කට ආසන්න පිරි­සක් සිටි­නවා. මෙයින් ගම්‍ය වන්නේ රටින් භාග­යක් දරි­ද්‍ර­තා­වෙන් පෙළෙන අය සිටින බවයි.

පුද්ග­ලික අංශයේ රැකියා අවස්ථා ඇතත් බොහෝ තරුණ පිරිස උනන්දු වන්නේ රජයේ රැකියා ලබා ගැනී­ම­ටයි. රටට සේවය කිරී­මට වඩා රැකියා සුර­ක්ෂි­ත­තාව, විශ්‍රාම වැටුප මෙන්ම නිවාඩු සම්බ­න්ධ­යෙන් ඔවුන් උනන්දු වෙනවා. ඒ හේතුව නිසා රටට නිර්මා­ණ­ශීලී තරුණ ශ්‍රමය අහිමි වී තිබෙ­නවා.

සමෘද්ධි සේවක පිරිස දැනට මුහුණ දී සිටින සියලු වෘත්තීය ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා­දී­මට මැද­හත්ව කට­යුතු කර­නවා. ඒ ක්‍රියා­මා­ර්ග­ව­ලදී රජයේ අණ­ප­නත් සහ රෙගු­ලාසි උල්ලං­ඝ­ණය වන කිසිම දෙයක් කිරී­මට මැද­හත් වන්නේ නැහැ. ඉදිරි වසර 03 තුළ දී සමෘ­ද්ධි­ලාභී පවුල් ලක්ෂ 08 ක් නිසි ලෙස සවි­බල ගන්වා සමා­ජ­ගත කළ හැකි සුදුසු ව්‍යාපෘති වාර්තා ඉදිරි සති 02 ක තුළ දී ලබා­දී­මට කට­යුතු කරන්න ඒවා නිසි අධ්‍ය­ය­න­ය­කින් පසු සුදුසු ව්‍යාපෘති ක්‍රියා­ත්මක කරන්න මූලික පිරි­වැය ලබා දෙන්න රජය සූදා­නම් බව ද ඇමැ­ති­ව­රයා මෙහිදී වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා සමෘද්ධි කළ­ම­නා­ක­රණ සංග­මය, සමස්ත ලංකා සමෘද්ධි සංව­ර්ධන නිල­ධාරී සහ කෘෂි­කර්ම පර්යේ­ෂණ නිල­ධා­රීන්ගේ සංග­මය, සමස්ත ලංකා එක්සත් නිල­ධා­රීන්ගේ සංග­මය, ශ්‍රී ලංකා නිද­හස් සමෘද්ධි පොදු කම්කරු සංග­මය, රැකි­යා­ලාභී උපා­ධි­ධාරී සමෘද්ධි සංව­ර්ධන නිල­ධා­රීන්ගේ සංග­මය, වෘත්තීය සමිති සංගම්හි නිල­ධා­රීන් හා අමා­ත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙ­වි­රත්න, සමෘද්ධි අධ්‍යක්ෂ ජන­රාල් නිමල් කොට­වෙ­ල­ගෙ­දර මහ­ත්වරු ඇතුළු නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

නව අදහස දක්වන්න