එජාප නාය­ක­ය­න්ගෙන් අධ්‍යා­ප­නයේ දියු­ණු­වට ලැබෙන දාය­ක­ත්වය අති­වි­ශා­ලයි | දිනමිණ

එජාප නාය­ක­ය­න්ගෙන් අධ්‍යා­ප­නයේ දියු­ණු­වට ලැබෙන දාය­ක­ත්වය අති­වි­ශා­ලයි

කෝට්ටේ මධ්‍යම සමූහ නන්ද. ඒකනායක

එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­යන් වශ­යෙන් වරින් වර මේ රටේ පාලන තන්ත්‍රයේ සිටි රණ­සිංහ ප්‍රේම­දාස, ලලිත් ඇතු­ළ­ත්මු­දලි හා වර්ත­මාන අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ නාය­ක­යන් අධ්‍යා­ප­නයේ දියු­ණුව සඳහා සුවි­ශේෂි වෙන­ස්කම් රැසක් ඉටු­කි­රී­මට ප්‍රබල දාය­ක­ත්ව­යක් ලබා­දුන් බව, විදුලි බල­ශක්ති හා ව්‍යාපාර සංව­ර්ධන ඇමැති රවි කරු­ණා­නා­යක මහතා උතුරු කොළඹ බට­හිර කොට­හේන ප්‍රදේ­ශයේ පැවැති ජන හමු­ව­කදී ප්‍රකාශ කළේ ය.

නව පාසල් වාරය වෙනු­වෙන් රෝයි යාඩ්ලි පද­නම මගින් ප්‍රදේ­ශයේ පාසල් දරු­වන්ට අභ්‍යාස පොත් ප්‍රදා­නය කිරීම සඳහා පැවති උත්සව අව­ස්ථා­ව­නට සහ­භා­ගි­වෙ­මින් ඇමැති කරු­ණා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේ ය.

මේ නිමි­ත්තෙන් පැවති ජන­හ­මු­වේදී ඇමැ­ති­ව­රයා මෙසේ ද කීය.

ළම­යින්ගේ වටි­නා­කම තේරු­ම්ගත් එජාප රජය දරු­වන් රක්ෂ­ණය කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ද ක්‍රියා­ත්මක කර තිබෙ­නවා. මේ ප්‍රදේ­ශයේ දෙමළ ජන­තාව වැඩි­පි­රි­සක් සිටින බැවින් රටේ සියලු ජාතී­න්ටම සාධා­ර­ණ­යක් හිමි­වන බව ප්‍රකාශ කර සිටි­නවා.

මේදි­න­වල රටේ ව්‍යව­ස්ථාව ගැන පක්ෂ විපක්ෂ හැම දෙනෙක්ම විවිධ මත ප්‍රකාශ කර සිටින බව මාධ්‍ය­ව­ලින් කියැ­වෙ­නවා. සම­හරු අන්ත­වා­දය ගැන කතා කර­මින් තමන්ගේ බලය තහ­වු­රු­වන අන්ද­මින් අද­හස් ප්‍රකාශ කර­නවා. අද­හස් ප්‍රකාශ කරන්න කාටත් අයි­තිය තියෙ­නවා. නමුත් අප හැම­දෙ­නාම පව­තින ව්‍යව­ස්ථා­වට ගරු කළ යුතුයි. ඒ අනුව අපි ක්‍රියා කළ යුතු බවද ඇමැ­ති­ව­රයා කීය.

පළාත් සභා මන්ත්‍රි අනු­රාධ ගුණ­ව­ර්ධන හා නාග­රික මන්ත්‍රී සංජීව රොෂාන් මහ­ත්ව­රුන්ද මෙහිදී කතා කළ අතර, පාසල් දරු­වන්ට අභ්‍යාස පොත් බෙදා­දී­මද ඇමැති රවි කරු­ණා­නා­යක මහතා අතින් සිදු විය.

ඡායා­රූ­පය - කෝට්ටේ මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න