වෙඩිවැදුණු වන අලි මළ සිරුරක් හුරුලුවැව රක්ෂිතයේ... | දිනමිණ

වෙඩිවැදුණු වන අලි මළ සිරුරක් හුරුලුවැව රක්ෂිතයේ...

වෙඩිවැදීමෙන් මියගිය වන අලියෙකුගේ සිරුරක් හුරුලුවැව රක්ෂිත වනයට අයත් මීගස්වැව ප්‍රදේශයේ තිබී පසුගියදා (17) හමු වු බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි .මෙසේ වෙඩි වැදීමෙන් මියගොස් ඇති වන අලියාගේ වයස අවුරුදු 10ක් පමණ වන අතර එම අලියාගේ පාදයකට වෙඩි වැදීමෙන් මෙසේ වන අලියා මරණයට පත්ව ඇති බවද ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි .

ගලෙන්බිදුණුවැව සමුහ- ජයන්ත වාසුලසේන


නව අදහස දක්වන්න