කුම්භ මේලා උත්ස­ව­යට මිලි­ය­න­ය­කට වැඩි බැති­ම­තුන් | දිනමිණ

කුම්භ මේලා උත්ස­ව­යට මිලි­ය­න­ය­කට වැඩි බැති­ම­තුන්

සෑම වසර 12 කට වරක් උතුරු ඉන්දි­යා­වට අයත් ප්‍රය­ග්රාජ් නග­රයේ පැවැ­ත්වෙන කුම්භ මේලා උත්ස­වයේ 'අර්ධ් කුම්භ්' උත්සව මාලාව මිලි­යන ගණ­නක බැති­ම­තුන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් මේ දින වල පැවැත්වේ. අර්ධ් කුම්භ් ලෙස හැඳි­න්වෙන්නේ කුම්භ මේලා උත්සව දෙකක් අතර මැද පැවැ­ත්වෙන උත්ස­ව­යකි.

මෙම උත්ස­වය සඳහා ජන­වාරි දෙවන සතියේ සිට මාර්තු දක්වා මිලි­යන 120ක් පමණ වන්ද­නා­ක­රු­වන්, ගංගා, යමුනා සහ පුරා­වෘ­තයේ සඳ­හන් සර­ස්වතී ගංගා­වන්ට සංගම් නදිය එක් වන ස්ථානයේ ස්නානය කරන බව විශ්වාස කෙරේ. එම­ගින් තමන්ගේ පව් සේදී, ඉප­දී­මෙන් සහ මර­ණ­යෙන් මිදුණු 'මෝක්‍ෂය' උදා­කර ගත හැකි බව හින්දු බැති­මත්හු විශ්වාස කරති.

මිලි­යන 15 - 20ත් අතර ජන­කා­යක් පැමි­ණෙනු ඇතැයි සංවි­ධා­ය­කයෝ අපේක්ෂා කරන අතර පෙබ­ර­වාරි 4 වන දිනට යෙදෙන ස්නානය සඳහා වන හොඳ ම නැකත් දින­යට මිලි­යන 30ක ජනයා සහ­භාගී වනු ඇති බව ඔවුන් පව­සයි. මාර්තු 4 වන දින අව­සන් වීමට නිය­මිත මෙම සැණ­කෙ­ළියේ සංවි­ධාන කට­යුතු සඳහා රජයේ නිල­ධා­රීන් දහස් ගණ­නක් යොදවා තිබේ. මේ සඳහා වර්ග කිලෝ මීටර් 32ක පමණ විශාල භූමි ප්‍රමා­ණ­යක් වෙන් කර ඇත.

නව අදහස දක්වන්න