තායි භික්ෂූන් දෙනමක් ඝාතනය කෙරේ | දිනමිණ

තායි භික්ෂූන් දෙනමක් ඝාතනය කෙරේ

තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ නාරතිවාත් ප්‍රදේශයේදී වෙඩි තබා භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කර තිබේ.

ඒ.එෆ්.පී පුවත් සේවය සදහන් කළේ, නාදුණන තුවක්කුකරුවන් 06 දෙනෙකු විසින් මෙම ඝාතනයන් සිදුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තවත් භික්ෂුන් වහන්සේලා දෙනමක් තුවාල ලබා ඇති බව ද සදහන්.

මෙම ප්‍රදේශයේ වසර 15 ක පමණ කාලයක සිට වාර්ගික ගැටුම් පවතියි.

නව අදහස දක්වන්න