නයිනමඩමේ රිය අනතුර - UPDATE | දිනමිණ

නයිනමඩමේ රිය අනතුර - UPDATE

වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පුදගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම 03.20 ට පමණ මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි.

ඒ, වෙන්නප්පුව දෙසට ගමන් කළ ලොරි රථයක පිටුපස මෝටර් රථය ගැටීමෙනි.

තුවාලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් අයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සාදයකට සහභාගීවී පැමිණෙමින් සිටි පිරිසක් එලෙස මියගොස් ඇති අතර මියගිය සියලු දෙනා මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් බව ද සදහන්.

ඔවුන් පිරිස වෙන්නප්පුවේ පදිංචිකරුවන් පිරිසකි.

-----------------------------------------------------
UPDATE

8mm පිස්තෝලයක්-උණ්ඩ මෝටර් රථයේ තිබිලා

කොළඹ- හලාවත මාර්ගයේ නයිනමඩම ගිංඹය පාලම අසල දි ඊයේ (20) අලුයම 3.00 ට පමණ නවීන සුඛෝපභෝගී මෝටර් රථයක් මාළු ප්‍රවාහනය කරමින් තිබු ලොරියක පිටු පස ගැටිමෙන් සිදු වු අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් හය දෙනකු මිය ගොස් තිදෙනකු බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කැර තිබේ. මිය ගොස් ඇති පිරිස වයික්කාල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත නිවෙස් කරා යමින් සිටිය දී අනතුරට ලක් වී ඇත.

අනතුර වන අවස්ථාවේදි මෝටර් රියේ නව දෙදෙනකු ගමන් කැර ඇති අතර හය දෙනකු එම ස්ථානායේ දී ම මිය ගොස් ඇති අතර තවත් තුන්දෙනකු මිගමුව මහ රෝහලට ඇතුළත් කැර ඇත.ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් මිගමුව මහ රෝහලින් කොළඹ ජාතික රෝහලට වෙත මාරු කැර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම මෝටර් රථයේ තිබි ඉතාලියේ නිෂ්පාදිත 8.M.M වර්ගයේ පිස්තෝලයක් හා එයට භාවිතා කරන උණ්ඩා 8 ක් ද පොලීසිය සොයා ගෙන තිබේ. මෝටර් රථය අධික වේගයෙන් ගමන් කැර ඇති බවත් වේගය පාලනය කළ නොහැකිව මෙම අනතුර සිදු වි ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව කොළින්ජාඩිය හා උල්හිටියාව ප්‍රදේශවල පදිංචි ප්‍රදිප් ලෝව්, සුරංග සම්පත්, සංජිව ප්‍රනාන්දු , ජනිත් ප්‍රනාන්දු, මංජු ප්‍රනාන්දු, රෝහන සෙනෙවිරත්න යන මිතුරන් පිරිසක් බවට අනාවරණය වී ඇත. මොවුන් අවුරුදු 24 - 36 ත් වයසේ පසුවන්නන් බව පොලිසිය කියයි.

ගාල්ලේ සිට හලාවතට මාළු ප්‍රවාහනය කරමින් තිබු ලොරිය අනතුරත් සමඟ පාලමේ ආරක්ෂක බැම්මක වැදි නතර වී තිබු අතර මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

වෙන්නප්පුව වැඩබලන සහකාර පොලිස් අධිකාරි කිර්ති බණ්ඩාර මහතාගේ උපදෙස් ඇතිව වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයකොඩි මහතාගේ මෙහෙයවිමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පිරිස් මහතා ඇතුළු කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වි.

 

රක්ෂණ ශ්‍රීයන්ත සමඟ පුත්තලම සමුහ ,මාරවිල සමුහ, පුත්තලම දිසා සමුහ , මුන්නේශ්වරම සමූහ

 

නව අදහස දක්වන්න