ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගමාලාව නුවන් ප්‍රදීප් නෑ | දිනමිණ


 

ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගමාලාව නුවන් ප්‍රදීප් නෑ

සිය වම්පාදයේ හටගත් ආබාධයක් නිසා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ලබන 24 වැනිදා ඔස්ට්‍රේලියාව සමග ඇරැඹෙන ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා නොකරයි. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පසුගියදා පැවැති පුහුණු තරගය අතරතුර ඔහු මේ ආබාධයට ලක්විය.

එම තරගයේ ආරම්භයේදීම නුවන් ප්‍රදීප්ගේ පාදයේ ආබාධය හටගත් අතර පසුව ඔහු ස්කෑන් පරීක්ෂණයකට ද මුහුණ දුන්නේය. මේ ආබාධය මත ඔහුට දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය ද අහිමිවීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

එම තරගය අතරතුරදීම අතට පන්දුවක් වැදීම නිසා කුසල් මෙන්ඩිස් ද ආබාධයට ලක්වීමෙන් පිටියෙන් ඉවත්වූවත් ඔහුට ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගමාලාවට සහභාගිවීමට හැකියාව ඇතැයි පසුව වාර්තා විය.

නව අදහස දක්වන්න