පුහුණු තරගය ජය පැරදුම් නෑ | දිනමිණ

පුහුණු තරගය ජය පැරදුම් නෑ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන පිල අතර හෝබාර්ට්හිදී පැවැති දිවාරාත්‍රී තුන්දින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගයේ ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 365ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව තරගය නතර කරනවිට කඩුලු 6ක් දැවී ලකුණු 131ක් රැස්කර තිබිණි.

කෙසේ වෙතත් මේ පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිලට එරෙහිව ඉනිම දෙකෙදීම ශතක රැස් කිරීමට කර්ටිස් පැටර්සන් සමත් වූ අතර ශ්‍රී ලංකා පිලේ පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවූයේ දෙවැනි ඉනිමේදී ළහිරු තිරිමාන්න නොදැවී රැස්කළ ලකුණු 46යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන පිල පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 316ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල පළමු ඉනිම අත්හිටවූයේ කඩුලු 5කට ලකුණු 176ක් ලබාසිටියදීය. ලකුණු 140ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරැඹු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන පිල කඩුලු 3කට ලකුණු 224ක් ලබාසිටියදී ඉනිම නතර කළේ ශ්‍රී ලංකාවට ලකුණු 365ක ඉලක්කයක් ලබාදෙමිනි. එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව තරගය නතර කරනවිට කඩුලු 6ක් දැවී රැස්කරගෙන සිටියේ ලකුණු 131ක් පමණි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාලිය 24 වැනිදා බ්‍රිස්බේන්හිදී දිවාරාත්‍රී තරගයෙන් ආරම්භ වෙයි.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන පළමු ඉනිම - 316/5යි. (ඉනිම අත්හිටුවන ලදි) කර්ටිස් පැටර්සන් නොදැවී 157, ජේක් ඩොරන් නොදැවී 102 (දුෂ්මන්ත චමීර 57/3, කසුන් රාජිත 71/2) සහ දෙවැනි ඉනිම - 224/3යි. (ඉනිම අත්හිටුවන ලදි) කර්ටිස් පැටර්සන් නොදැවී 102

ශ්‍රී ලංකා පළමු ඉනිම - 176/5යි. (ඉනිම අත්හිටුවන ලදි) රොෂේන් සිල්වා නොදැවී 36, ළහිරු තිරිමාන්න 32, දිනේෂ් චන්දිමාල් 32 (මානස් ලැබුස්චේන් 27/2, ස්කොට් බෝලන්ඩ් 37/2) සහ දෙවැනි ඉනිම - 131/6 (ඕවර 51) (ජෝන් හෝලන්ඩ් 28/4, මයිකල් නේසර් 8/2)


නව අදහස දක්වන්න