ලංකාව කඩුළු 05ක් අවසානයේ ලකුණු 337 | දිනමිණ

ලංකාව කඩුළු 05ක් අවසානයේ ලකුණු 337

සංචාරක අයර්ලන්ත ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලංකාව කඩුළු 05ක් අවසානයේ ලකුණු 337ක් ලබා සිටියි.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දුවට පහර දීමටයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන උපුල් තරංග ලකුණු 103 ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලබාගත් ලකුණු සංඛ්‍යාව 55 ක්.

තරග 05 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමයි.


නව අදහස දක්වන්න