සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති කොට්ටාවේ නන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ඊයේ (20) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. වනවාස නිකායේ මහා නායක අංපිටියේ මංගල මහා නාහිමි, මහකන්දේ රතනපාල අනුනාහිමි, ලේඛකාධිකාරී උපුල්වල සාසන සුමන යන ස්වාමින් වහන්සේලා ඇතුළු ත්‍රෙයිනිකායික මහා සංඝරත්නය, විදෙස් නියෝජිතයන්, ඇතුළු ගිහි පැවැදි පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - වාසිත පටබැදිගේ.

නව අදහස දක්වන්න