ත්‍රීරෝද රථ රියැදුරන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් | දිනමිණ

ත්‍රීරෝද රථ රියැදුරන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්

නිමල් රාජපක්ෂ

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති

ත්‍රීරෝද රථ රියැදුරන් සඳහා ප්‍රථම වතාවට කඩිනමින් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව රාගම ත්‍රීරෝද රථ ආදර්ශ කලාපය අද (21)දිනයේ විවෘත කරන අවස්ථාවේ දී රියැදුරන් දැනුවත් කරන අතර අවුරුදු 35 ක් පිරිනු අයකු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වු විට වයස අවුරුදු 70 සම්පුර්ණ වු පසු ඔහු ට විශ්‍රාම වැටුප ලබා ගැනීමට හිමිකම් ලබා ගත හැකි වෙයි.

වෘත්තීය ත්‍රීරෝ රථ සංගමය මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන අලියන්ස් යන පුද්ගලික සමාගම සමඟ එක්ව ක්‍රියාවට නැංවීමට තීරණය කොට ඇත.මෙම රක්ෂණ ආවරණයේදී මසකට තමන් උපයන මුදලින් රුපියල් 1000/- තැන්පත් කළහොත් අවුරුදු 70 පිරිණු කළ රුපියල් කෝටියක මුදලක් එකවර ලබා ගත හැකි වෙයි. එසේ නොමැති නම් තමන් හට මාසිකව ද විශ්‍රාම වැටුපක් ලෙස ලබා ගැනීමේ පහසුකම් ලබා ගැත හැකිවන බව ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

අනික් හැම කෙනකුටම වාගේ ජීවිතය වැඩ කර ගැනීමට බැරි කාලයක් ත්‍රී රෝද රථ රියැදුරන්හට ඇති වෙයි. තමන් වයසට ගිය කළ ඉතිරි කර ගත් මුදලක් නොමැති කළ ඉතා අසරණ තත්ත්වයට පත්වෙනු නොඅනුමානයි .හදුන්වා දෙන විශ්‍රාම වැටුප් ක්‍රමයේ විශේෂත්වය ලංකාවේ ඕනෑම ස්ථිර තැන්පතුවකම මුදල් තැන්පත් කළත් එහි කාලය ඉවර වන්න පෙර මුදල් ගතහොත් ප්‍රතිලාභ කිසිදෙයක් ලැබෙන්නේ නැහැ.ඒ වගේම රක්ෂණයක් කළහොත් එයින්ද ප්‍රතිලාභ කිසිවක් ලැබෙන්නේ නැහැ.තමන් ගේ මුදල ලැබෙන්නේත් නැහැ.ටික දිනක් කරගෙන යද්දී මේ අරක්ෂණ ක්‍රමය අවශ්‍ය නැහැ කියා හිතුනොත් තමන්ගේ මුළු මුදලම කිසිදු අඩුවන් කොමැතිව ලබා ගත හැකියි. ඒ මුදල් සඳහා ද පොලියක්ද ලැබෙනවා.තමන්ගේ මුදලට උපරිම සුරක්ෂිතතාවය අදාළ සමාගමෙන් ලැබෙන අතර තීරෝද රථ රියැදුරු වෙනුවෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සිටින බවද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

අවුරුදු 70 පිරෙන තෙක් රක්ෂණ ආවරනය ට දායක වුවහොත් උපරිම ප්‍රතිලාභ ලැබේයි. මඟදී නතර කළත් තමන් තැන්පත් කළ සම්පුර්ණ මුදලම ලබාගත හැකියි.ත්‍රීරෝද රථ රියැදුරන්ගේ රක්ෂණය අලියන්ස් සමාගම කරන අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ත්‍රීරෝද රථ රියැදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බැවින් විශ්‍රාම වැටුප් ක්‍රමය තුළදී යම් අසාධාරණයක් අගතියක් නොවන්නට මාර්ග ආරක්ෂක ජාතික සභාව ත්‍රීරෝද රථ රියැදුරා වෙනුවෙන් පෙනී සිටිනු ඇත.මෙය රාගම ත්‍රීරෝද රථ ආදර්ශ නියාමන කලාපයෙන් පටන් ගෙන එය සාර්ථක වුවහොත් දිවයින පුරා ක්‍රියාවට නංවනවන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

ත්‍රීරෝද රථ රියැදුරන් මේ රක්ෂණාවරණය සඳහා කොතෙක් දුරට ආකර්ෂණය වෙනවා ද කියා බලා මේ සදහා ගැටලු පැන නගිනවාද කියා විමර්ශනය කරනු ඇත.එහිදී රක්ෂණාවරනයට දායක වු අයකු අතර මඟදී ආපසු මුළු මුදලම ලබාගත හැකි අතර තමන්ගේ තැන්පතුව වෙනුවෙන් පුර්ණ ආරක්ෂාව තිබෙන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.රියැදුරාගේ රක්ෂණ ආවරණය පිළිබඳව රියැදුරා වෙනුවෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඉතා වගකීමකින් යුතුව කටයුතු කරන බවද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා දිනමිණට පැවසුවේය.

නව අදහස දක්වන්න