අගමැතිට විරෝධය පෑමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙයි | දිනමිණ

අගමැතිට විරෝධය පෑමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙයි

අගමැති වික්‍රමසිංහ මහතා සබරගමු වෛද්‍ය පීඨයේ සිසුන් සමඟ සුහද පිළිසඳරක  ඡායාරූපය - හිරන්ත ගුණතිලක

සබරගමුව විශ්වවිද්‍යාලයේ අභිනව වෛද්‍ය පීඨය විවෘත කිරීම සඳහා පසුගිය 17 දා රත්නපුරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට විරෝධතාවක් එල්ල කිරීමට යම් දේශපාලන කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ සිසුන් කණ්ඩායමක් ගත් උත්සහය ව්‍යර්ථ විය.

සබරගමු සරසවි සිසුන් සුළු පිරිසක් විසින් ගත් එම උත්සාහයන් ව්‍යර්ථකරමින් අග්‍රාමාත්‍යවරයා රත්නපුරයේ උත්සවවලට සහභාගිවීමෙන් අනතුරුව උත්සව භූමියේ සිටි විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සමඟ සුහද කථා බහෙන් පසු කුරුවිට නගරයෙන් කොළඹ බලා පිටත්ව ගියේය.

සබරගමු විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම සහ රත්නපුර මහ රෝහල ශික්‍ෂණ රෝහලක් බවට පත් කිරීමේ උත්සවයට සහභාගිවීමට අග්‍රාමත්‍යනවරයා රැගත් හෙලිකොප්ටරය රත්නපුර නගර සභා සීවලී මහජන ක්‍රීඩංගණයට උදෑසන ගොඩබෑවේය.

සබරගමුව මහසමන්දේවාලයේ ආගමික උත්සවවලට සහභාගිවීමෙන් අනතුරුව අගමැතිවරයා ප්‍රධානත්වයෙන් රත්නපුර රෝහල ශික්‍ෂණ රෝහලක් බවට පත්කිරීමේ උත්සවයත් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයත් පැවත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබිණි.

රෝහලේ උත්සවය අවසන් වීමෙන් පසුව කුරුවිට පිහිටි විශ්වවිද්‍යාල උත්සවයට ගිය අග්‍රාමාත්‍යවරයා උත්සවය අවසන් වී විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සමඟ ද කථා බහ කර විරෝධතාවයේ නියැලි සිටි සිසුන්ට ද බාධාවක් නොවන අයුරින් කුරුවිට නගරයේ පාසල් ක්‍රීඩා පිටියක නතර කර තිබූ හෙලිකොප්ටර්යට ගොඩවී කොළඹ බලා පිටත්ව ගියේය.

අගමැතිවරයා පිටත්ව යන අවස්ථාව් දී මාර්ග අවහිර කරමින් ඔහු තමන්ගේ ග්‍රහණයේ නතු කරගැනීමට සරසවි සිසුන් සුඵ පිරිස රත්නපුර නගරයේ දිගටම රැඳී සිටිය ද ඔවුනට තම අරමුණ ඉටුකරගැනීමට අවකාශ නොලැබුණි.

අදහස් 1ක් ඇත

මේ විශ්ව විද්‍යාල සිසුන්ට පිස්සුද අනෙක් රටවල ඉන්න අය පාඩම් කරලා විශේෂඥයෝ වෙන්න උත්සාහ කරන්නෙ අපේ අය දේශපාලකයන් ගේ කටු ලෙව කනවා. රටක අනාගතයට හොඳ දෙයක් නෙවේ මේක​.

නව අදහස දක්වන්න