නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර පිළිගැනීමේ උත්සවයක් | දිනමිණ

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර පිළිගැනීමේ උත්සවයක්

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් පෙරේදා (19) අනුරාධපුර සාලියපුර ගජබා රේජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

සාලියපුර ගජබා රේජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා සාලිය ගජබා රේජිමේන්තු මූලස්ථාන ප්‍රධානි බ්‍රිගේඩියර් හරේන් පීරිස් මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීන් විසින් පිළි ගනු ලැබූ අතර, මෙහි දී හමුදා උත්තමාචාරයක් ද පිරි නමනු ලැබීය. ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීම නිමිත්තෙන් කඳවුරු භුමියේ පැළයක් ද රෝපණය කරන ලදි. මේ අවස්ථාව සඳහා යුද හමුදා නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වූහ.

අනුරාධපුර අතිරේක

ජායාරූප -අමිල ප්‍රභාත්
වනසිංහ-අනුරාධපුර අතිරේක 

නව අදහස දක්වන්න