‘මනැස් සේයා’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනපති විවෘත කරයි | දිනමිණ


 

‘මනැස් සේයා’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනපති විවෘත කරයි

සමින්ද්‍යා දේවින්දි තිරිමාන්න නම් වයස අවුරුදු 17ක් වන ශ්‍රවණාබාධිත දැරියගේ කුසලතාවන් මුළු රටටම එළිදක්වමින් කොළඹ හෝර්ටන් පෙදෙසේ දෘශ්‍ය කලා පීඨයේ පැවැත්වෙන ‘මනැස් සේයා’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (20) පෙරවරුවේ විවෘත කෙරිණි.

‘මනැස් සේයා’ සමින්ද්‍යා දේවින්දි තිරිමාන්න දැරියගේ කළුදුල් ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය වන අතර, ඇයගේ සිතුවම් 150කට අධික ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනය කර තිබේ. ප්‍රදර්ශනය අද සහ හෙට දෙදින පුරා පැවැත් වෙයි. දැරියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් සහාය ලබාදීමට ද පොරොන්දු විය.

ඡායාරූප චන්දන පෙරේරා ජනාධිපති මාධ්‍ය අංශය
 

නව අදහස දක්වන්න