දේශපාලකයන් - රාජ්‍ය සේවකයන් තම හෘද සාක්කියට අවංක විය යුතුයි | දිනමිණ


 

දේශපාලකයන් - රාජ්‍ය සේවකයන් තම හෘද සාක්කියට අවංක විය යුතුයි

ජිනසිරි දඩල්ලගේ මහතා විසින් රජිත ‘ඒවා මෙහේ බෑ මචං‘ කෘතියේ දෙවන මුද්‍රණය එළිදැක්වීම වෙනුවෙන් පැවැති උත්සවයේ දී එම කෘතිය ආරාධිතයින් වෙනුවෙන් පිළිගන්වන අයුරු‍.

කතානායක කරූ ජයසූරිය

රාජ්‍ය සේවකයන්, දේශපාලකයන් ඇතුළු සියලු දෙනා ප්‍රථමයෙන් අවංක විය යුත්තේ තම හෘද සාක්ෂිය ඉදිරියේ බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

තම හෘද සාක්ෂිය ඉදිරියේ අවංකව කටයුතු කරන කිසිවකු හට කිසිඳු අවස්ථාවක ජනතාව ඉදිරියේ තම අවංක බව පුන පුනා කීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බව ද කතානායකවරයා සඳහන් කළේය.

කතානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවය තුළ කීර්තිමත් රාජ්‍ය සේවකයකු වූ ජිනසිරි දඩල්ලගේ මහතා විසින් රචිත ‘ඒවා මෙහේ බෑ මචං‘ කෘතියේ දෙවන මුද්‍රණය එළිදැක්වීම වෙනුවෙන් පදනම් ආයතනයේ දී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා-

ජිනසිරි දඩල්ලගේ මහතා සමඟ මම අවස්ථා දෙකක දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තුළ සේවය කළා. වරක් රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ දී හා පසුගිය දින සියය ආණ්ඩුව සමයේ දී එතුමා සමඟ මම වැඩ කළා. ඇත්ත වශයෙන්ම එතුමා දක්ෂ නිලධාරියෙක්. මම එතුමාගෙන් විශාල වැඩ කොටසක් ඉටු කරවා ගත්තා. එම කාල වකවානුවේ දී දඩල්ලගේ මහතා මට විශාල සහයෝගයක් ලබාදුන්නා. එමෙන්ම රාජ්‍ය සේවය තුළ සිය රාජකාරිය නිසි ලෙස ඉටුකළ සේවකයෙක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ජිනසිරි දඩල්ලගේ මහතා විසින් රචිත ‘ඒවා මෙහේ බෑ මචං‘ කෘතිය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් මගේ කතාවට පෙර සිදුකළා. ඒ වගේම මෙම කෘතිය තුළින් රාජ්‍ය සේවය තුළ සිදුවිය හැකි දුර්වල තැන් මනාව විග්‍රහ කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය තුළ ඒ ආර් එෆ් ආර් තිබෙනවා. මේවා අනුව කටයුතු සිදු කළ යුතුයි. අපගේ රාජ්‍ය සේවය ශක්තිමත් විය යුතු අතර රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා සියලු දෙනාගේ සහය හිමිවිය යුතුයි‍. දඩල්ලගේ මහතා විසින් රචිත මෙම කෘතියෙන් රාජ්‍ය සේවය ගැනත් විග්‍රහයක් සිදුකරනවා. එතුමා මෙම විග්‍රහයන් සිදුකරන්නේ සද්භාවයෙන්. එමෙන්ම මෙම කෘතිය සඳහා යොදා ගෙන ඇති පිටකවරයේ චිත්‍රයත් ඒ සඳහා මනා දායකත්වයක් ලබාදෙනවා.

රටක් ලෙස ගත්කළ අපි පිළිගත යුතුයි අප සමඟ එක සමාන මට්ටමේ සිටි බොහෝ රටවල් අද අප පසුකර ගොස් බොහෝ සේ ඉදිරියෙන් සිටිනවා‍. එයට බලපාන ලද හේතු පිළිබඳ අපි විග්‍රහයන් සිදුකර ගත යුතුයි. එමෙන්ම මෙතුමා පෞද්ගලික අංශය ගැනත් කතාකළා. මමත් වසර තිහකට අධික කාලයක් පෞද්ගලික සේවය තුළ සේවය කරපු කෙනෙක්.

දඩල්ලගේ මහතා විසින් රචිත මෙම කෘතිය රාජ්‍ය සේවය වෙත අවතීරණය වීමට, පැමිණීමට බලාපොරොත්තු වන සියලු දෙනාටම ඉතා වැදගත්. ඒ වගේම රාජ්‍ය සේවයට පැමිණෙන අය පමණක් නොව දේශපාලනයේ නිරත වන දේශපාලකයින්, ඇතුළු අපි සියලු දෙනාම ප්‍රථමයෙන්ම අවංක විය යුත්තේ ජනතාව ඉදිරියේ නොව තම හෘද සාක්ෂිය ඉදිරියේයි. අපි මොන දේ කළත් හෘද සාක්ෂියට එකඟව සිදුකළ යුතුයි. දේශපාලකයින් මෙන්ම රාජ්‍ය සේවයට එක්වීමට බලාපොරොත්තු වන අයත් ජිනසිරි දඩල්ලගේ මහතාගේ මෙම කෘතිය පරිශිලනය කළ යුතුයි. ඒ වගේම අපි තවත් අවධානය යොමුකළ යුතු කරුණක් තිබෙනවා. ජාතියක් ලෙස ගත්කළ අපි අතීතියේ දී මෙන් නොව වර්තමානය වනවිට අපි අලුතින් හිතන්නේ නැහැ . නව මානයන් කෙරෙහි අවධානය යොමුකරන්නේ නැහැ. ඒ නිසා අලුතින් සිතන්නට පුළුවන් පිරිසක් බිහිකළ යුතුයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා-

පොත් ගැන කතා කලොත්, අවුරුදු ගානක් තිස්සෙ පත්තරවලට අපි ලියනවා. නිලධාරීන්ට බෙදනවා. කියවනවද? කියවනවා අඩුයි .ඉතිං වැඩක් තියනවද? මම කියන්නෙ හැමෝම කියවීම සිදුකළ යුතුයි. කියවීම නැති තාක් කල් බිහිවන්නේ කවර වර්ගයේ මිනිසුන්ද? අපි පළාත් සභා ඡන්දෙන් පටන් ගමු. පළාත් සභා ඡන්දෙ තියන්න බැරි ඇයි. ඇයි බැරි කියා උසාවියට යන්නෙ නැත්තෙ ඇයි කියා අහනව. පාර්ලිමේන්තු වෙලාවෙ ගියානම්.

ඇයි මේකට යන්නෙ නැත්තෙ මොනවද? විකල්ප . කියලා. අපි පහුගිය දවසක රැස්වීමක් තිබ්බා. ඒවයෙ පුරවගන්න බැරි පුරප්පාඩු වගයක් තියනවා. වත්කම් බැරකම් නීතිය, දේශපාලන අල්ලස්. මේකට විකල්ප හතරයි තියෙන්නනෙ. දැන් තියන ඡන්ද ක්‍රමය නව මිශ්‍ර සානුපාතික ක්‍රමය.ඒ වගේම පරණ ක්‍රමය මනාප සහිත සමානුපාතික ක්‍රමය .

මේ දෙකෙන් හොදම විකල්පය හැටියට පෙනී ගිහින් තියෙන්නෙ දැන් ක්‍රමය . කොහොමද මේ ඡන්දය තියන්න මිශ්‍ර සමානුපාතික ක්‍රමයට කොට්ඨාස ඕන. නමුත් කොට්ඨාස දාපු සීමා නිර්ණය වාර්තාවට පාර්ලිමේන්තු ඡන්දය ලැබිල නෑ. එය තුනෙන් දෙකෙන් අනුමත වෙලා නෑ.

මේකට විකල්ප ඇවිත් තිබුණා.පරණ පනත බලාත්මක නෑ. දේශපාලනඥයො වැඩි දෙනෙක් මිශ්‍ර සමානුපාතික ක්‍රමයට කැමති නෑ.තුන්වන විකල්පය අධිකරණයට යනවද? මූලික අයිතිවාසිකම් කඩවුනාම අන්තිම විලක්පය ජනතාවට එයාලගෙ වගකීම ඉටු කරන්න බැරුව යනවා.

අද රජයේ පත්වීමක් ගත්තම ඒකේ බලන්නෙ පත්වීම කොහෙටද? වැටුප් ක්‍රමය වගේ දේවල්. විශ්‍රාම වැටුප තියනවද? මේකෙ තුන්වන ඡේදය මතක නෑ. කාර්යක්ෂමව අනලස්ව කියන එක. අපි කවුරුත් ඒක ඉටු කරන්නෙ නෑ. අපි වගකිව යුත්තේ ජනතාවට. දේශයේ යහපත වෙනුවෙන් කාර්යක්ෂමතාව අනලස්ව කරනවද? මෙහි ඇගයීම් කරු, ප්‍රමාණකරු වෙනුවට ප්‍රමාණකරු මහජනතාව වුණු දවසට මොකද වෙන්නෙ. වැලිකඩ හිරගෙදර තියනවා සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා. දැන් අපිට කියන්න වෙනවා දේශපාලඥයෝ ද මනුෂ්‍ය යෝය. නිලධාරීන්ද මනුෂ්‍ය යෝය. නිරීක්ෂකයින්ද මනුෂය යෝය කියල. ඒ ඔක්කොම මනුස්සයො අපි සමාජයෙ කොටස්. අපි අළුත් ජනතාවක් ළගට යන්න ඕන. ශිෂ්‍ය පාර්ලිමේන්තු හරහා ළමයි දැනුවත් කරනවා. අපි රජයෙ නිලධාරීන් දැනුවත් කරනවා. ටීවී එකෙන් පමණක් මේක හරියන්නෙ නෑ. වැහි පිරිත අහන්න යනවා නම් කුඩේ අරන් යනව වගේ ඒවා මෙහේ පුළුවන් කියල තමයි කියන්න තියෙන්නෙ.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේ දී වික්ටර් අයිවන් මහතා-

1927 ලංකාවට සංකේතාත්මක වශයෙන් වැදගත් සිදුවීමක් උනා. 1927 නොවැම්බර් ඩොනමෝර් කොමිසමයි මහත්මා ගාන්ධියි එකම දවසෙ ලංකාවට ආවා. ඩොනමෝර් කොමිසම ලංකාව පිළිබද ලංකාව පිළිබද වැදගත් නිරීක්ෂණ කිහිපයක් කළා. එනකොට ලංකාවෙ සුළු ජන වර්ගවල නායකයො අතර ලොකු කුතුහලයක් බයක් ඇති කර ගත්තා . නිදහස ලැබුණට පස්සෙ ප්‍රශ්යක වෙයි කියලා. ඩොනමෝර් කොමිසම එක නිරීක්ෂණයක් කළා ලංකාවෙ ජාත්‍යානුරාගය වර්ග කුල මිශ්‍ර වුණු හැගීමක්

කියලා. ලංකාවෙ දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියල. මේ නිරීක්ෂණ අදටත් වලංගුයි. දෙවන නිරීක්ෂණය තමයි සාමාජික මුදල්වලින් දුවන එකම පක්ෂයක්වත් නෑ . ඔක්කොම පක්ෂ කළු සල්ලිවලින් දුවන ඒවා. පක්ෂවල ඒකාධිපතිත්වයයි තියෙන්නෙ.පක්ෂ දූෂිත නායකයො පුහුණු කරන පාසලක් වගේ . ගාන්ධිගෙ චාරිකා ගැන පොතක් ලියවිලා තියනවා. ඒකෙ සඳහන් වෙලා නෑ මාළිගාකන්දෙ රැස්වීමට ගිය දේශපාලන නායකයො ගැන ඒත් හොදටම විශ්වාසයි. සේනානායක, ඩී.බී ජයතිලක, කන්නන්ගර, එස්.බඩ්.ආර්.ඩී බණ්ඩාරනායක

‍ජේ.ආර්.ජයවර්ධන ලංකා ජාතික සංගමයෙ හිටපු මේ සේරම එන්න ඇති . එතනදි ගාන්ධි කියනවා අපේ රටේ ස්පර්ශ කරන්න බැරි ජනතාවක් ඉන්නවා. ඔයාලගෙ සමාජයෙ රොඩී කියල කොටසක් ඉන්නවා. ලංකාවට නිදහස ලැබෙන දවසට රොඩි හෝ ඊට සමාන අයට නිදහස ලැබෙන්නෙ නැත්නම් ඒ ලබන නිදහස අව්‍යාජ නෑ කියල. අපි නිදහස ලබලා අවුරුදු 70 ක් වෙනවා. ඒ උනාට නිළ පංගු කාරයො කියන ප්‍රවේණි දාස ගණයෙහිලා ගනන් ගැනිය හැකි මිනිස්සු ලක්ෂ තුන හතරක් ඉන්නව. අවුරුදු 100 ට ආසන්න කාලයක් ගත වෙලත් වෙනස් වෙලා තියෙන්නෙ

ඇඳුම් පැළදුම්වලින් විතරයි. අපිට අව්‍යාජම නිදහසක් ලැබිල නෑ. අපි නිදහසක් දිනා ගත්ත නෙමේ කොහෙදෝ යන නිදහසක් ලැබිල තියනවා. අපි යටත් විජිත තත්ත්වයෙ තිබුණු රටක් නිදහස ලබා ගැනීෆම් දී සම්පූර්ණ විය යුතු දේවල් තියනවා. එකක් තමයි ජාතිය ගොඩ නැ‍ඟීම, වර්ග කුල ආගම්වලට තියන පිළිගැනීම ඇති කර ගැනීම, තමන් දිනා ගත්ත රාජ්‍ය අළුතෙන් ප්‍රති නිර්මාණය කිරීම අපි ඒක කළේ. නෑ . විශාල ලේ වැගිරීම් ඇති උනා.. දීර්ඝ කාලයක් ඒව ඇතිවෙලා රාජ්‍ය බෙලහීන උනා. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදන්න දන්නෙ නෑ.භාවිත කරන්න දන්නෙත් නෑ.දැනට තුනක් හදල තියනවා.

දීර්ඝ කාලයක් සිංහල භාෂාව යටපත් වෙලා තිබුණවෙලා තිබුණා . ස්ව භාෂා යටපත් ‍වී තිබුණා .දෙමළ භාෂාව යටපත් වෙලා තිබුණා. ඒව එළියට ගැනීම අවශ්‍ය්‍යි.

19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයයි දැන් තිබෙන්නේ . නව ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා‍ කරනවා. තමා අවසාන අදියරේ ඉන්නෙ.

රජයකට ව්‍යවස්ථාවක් අවශශයි. ඉස්සර එක කාලයක් තිබුණා උගත් සුළු පිරිසකට වාඩි වෙලා ව්‍යවස්ථාව සම්පාදනය කරන්න පුළුවන්.

ලංකාවෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට රජය සමඟ ව්‍යාපාර කරන්න බෑ. ඒ උනාට ඉඩම් ලබා ගෙන තියනවා. වැවිලි කාරයො, කොන්ත්‍රාත් කාරයො බවට පත් වෙලා තියනවා. ඇත්තටම මහජන ස්වභාවයක් නෑ. ඕනම ආණ්ඩු ක්‍රමයක මහජන දේපළ බලා ගැනීමේ අයිතිය රජවට තියනවා. ඇත්තටම අනාගත ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට සීමා නොවූ මහජනයාට ලොකු පංගුවක් ලබා දෙන ව්‍යවස්ථාවක් විය යුතුයි. ගැඹුරු වෙනසක් ඇති කරන්න පුළුවන් ජනතාවට විතරයි. ව්‍යවස්ථා සම්පාදනයට මහජන ක්‍රියාකාරීත්වය අවශ්‍යයි.

ස්වර්ණා විජේකෝන්, සමන්ති මීරියගල්ල
ඡායාරූප- සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න