මහාපරිමාණ හෙරොයින් සැකකරුවන් අධිකරණයට | දිනමිණ

මහාපරිමාණ හෙරොයින් සැකකරුවන් අධිකරණයට

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පන්නිපිටිය, කලල්ගොඩ හා තලවතුගොඩ ප්‍රදේශවලදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද(21) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.
 
හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 518ක් සමඟ ඊයේ(20) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට බාර දී තිබුණි.
 
එම හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 18කට ආසන්න වේ.
 
සැකකරුවන් අවුරුදු 23,27, සහ 38 යන වයස්වල අයවේ.
 
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් මේ පිළිබඳ විමර්ශන සිදුකරයි.

නව අදහස දක්වන්න