මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනුම් දෙන්න | දිනමිණ

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනුම් දෙන්න

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව රටේ ඕනෑම පුරවැසියෙකුට 1984 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබාදිය හැකියි.

මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියේ සමාරම්භක උත්සවය අතරතුරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම අංකය ප්‍රකාශයට පත් කරනු ලැබී ය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය අද සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මකයි.

නව අදහස දක්වන්න