කුඩාවැල්ලේ වෙඩි තැබීම : සැක තවත් අයෙක් දැලේ | දිනමිණ

කුඩාවැල්ලේ වෙඩි තැබීම : සැක තවත් අයෙක් දැලේ

තංගල්ල කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරු නාකුළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි වාර්තා වන්නේ.

මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන් අතර පැවති ආරවුලක් දූරදිග යෑමෙන් දෙසැම්බර් 25 උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් ධීවරයන් සිවුදෙනකු මිය ගොස් තවත් හත් දෙනෙකුට තුවාල සිදුවිය.


නව අදහස දක්වන්න