මාතර - වැලිගමදී වෙඩි තැබිමක් | දිනමිණ

මාතර - වැලිගමදී වෙඩි තැබිමක්

මාතර-වැලිගම, පොල්වත්ත ප්‍රදේශයේ පාලමක් ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි වැලිගම පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

වෙඩි වැදුණු පුද්ගලයා ද එම අවස්ථාවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති බව පොලීසිය පැවසී ය.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 38 හැවිරිදි වැලිගම පදිංචිකරුවෙකි.

වෙඩි තැබිම සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරික්ෂණ පවත්වයි.

 

නව අදහස දක්වන්න