ද්‍රවිඩ සංගමය සී.සී.සී-කෝල්ට්ස් සුපිරි අටේදී ජය ලබති | දිනමිණ

ද්‍රවිඩ සංගමය සී.සී.සී-කෝල්ට්ස් සුපිරි අටේදී ජය ලබති

නිරෝෂාන් ප්‍රියංකර

අන්තර් සමාජ පළමු පෙළ ‘ඒ’ ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු සතියේදී පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට ද්‍රවිඩ සංගමය, සී.සී.සී සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සමත් වූහ.

ද්‍රවිඩ සංගම් පිල එන්.සී.සී. පිටියේදී එස්.එස්.සී පිලට එරෙහිව කඩුලු 8ක ජයක් අත්කරගත් අතර සී.සී.සී පිල යුද හමුදාවට එරෙහිව පී.සරවනමුත්තු පිටියේ පැවැති තරගයෙන් කඩුලු 6ක් හිමිකර ගත්තේය. කෝල්ට්ස් පිල කඩුලු 4කින් එන්.සී.සී. පිල පරාජයට පත් කළේ සී.සී.සී පිටියේදීය. සැරසන්ස් පිල සහ හලාවත මේරියන්ස් අතර සුපිරි අට වටයේ තරගය එස්.එස්.සී පිටි‍යේ පැවැති අතර එම තරගයෙන් පළමු ඉනිමේ ජය අත්කර ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

සුපිරි අට වටයේ තරග අරඹමින් පැවැති පළමු සතියේදීම ද්විත්ව ශතක වාර්තා කිරීමට සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රමෝද් මධුවන්ත සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ සචිත්‍ර සේරසිංහ සමත් වුහ.

ප්‍රමෝද් පළමු පෙළ තරග දිවියේ සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළේ හලාවත මේරියන්ස් පිලට එරෙහිවය. පන්දු 367ක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 27කින් වර්ණවත් විය. සැරසන්ස් පළමු ඉනිමේදී ගමිඳු කනිෂ්ක (109) සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් පිහිටුවීමටද ඔහුට හැකිවිය. පළමු පෙළ තරග 17කට එක්වූ විසිඑක් හැවිරිදි ප්‍රමෝද් මින් පෙර රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව 86කි.

එස්.එස්.සී පිලට එරෙහිව පැවැති තරගයේදී සචිත්‍ර සේරසිංහ සිය ද්විත්ව ශතකය (204) රැස්කළ අතර හතරේ පහර 21කින් සහ හයේ පහරකින් අලංකාර වූ ඔහුගේ ඉනිමට පන්දු 261ක් වැය විය. 5 වැනි කඩුල්ලට යශෝද මෙන්ඩිස් සමගින් ලකුණු 102ක් එක්කළ සේරසිංහ, රමිත රඹුක්වැල්ල (124) සමග 6 වැනි කඩුල්ලට එක්කළ ලකුණු සංඛ්‍යාව 176කි.

සී.සී.සී පිල වෙනුවෙන් අෂාන් ප්‍රියංජන් ලකුණු 180ක් රැස්කළ අතර එම කණ්ඩායමේ වනිඳු හසරංගට ලකුණු 3කින් ශතකය අහිමිවීමද කැපී පෙනෙන සිදුවීමක් විය. ගමිඳු කනිෂ්ක (සැරසන්ස්), යශෝද ලංකා සමග ඕෂද ප්‍රනාන්දු (හලාවත), මාලිංග අමරසිංහ (එන්.සී.සී.) සහ රමිත රඹුක්වැල්ල (ද්‍රවිඩ සංගම්) ද සුපිරි අට තරගවලදී ශතක රැස් කිරීමට සමත් වූහ.

සී.සී.සී ක්‍රීඩා සමාජයේ මාලින්ද පුෂ්පකුමාර යුද හමුදා පිලේ කඩුලු 6ක් ලකුණු 107කට දවා ගැනීම නිමාවූ සතියේ සුපිරි අට තරගවලදී හොඳම පන්දු යැවීම ලෙස වාර්තාවූ අතර යුද හමුදාවේ දුෂාන් විමුක්ති ද සී.සී.සී පිලේ කඩුලු 6ක් දවා ගත්තේ ලකුණු 135ක් ලබාදෙමිනි. මාලින්ද පුෂ්පකුමාර යුද හමුදා දෙවැනි ඉනිමේ කඩුලු 3ක් සමගින් සමස්ත තරගයේදී කඩුලු 9ක් දවා ගත්තේය.

පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අකිල ධනංජය එන්.සී.සී පළමු ඉනිමේදී කඩුලු 5ක් බිඳ දැමූ අතර රමිත රඹුක්වැල්ල සහ සචිත්‍ර සේරසිංහ (ද්‍රවිඩ සංගම්) සහ හරීන් වීරසිංහ (සැරසන්ස්) කඩුලු 5 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

ද්‍රවිඩ සංගමය කඩුලු 8කින් දිනයි

එස්.එස්.සී පළමු ඉනිම - 321 (ඕවර 86.1) කෞෂාල් සිල්වා 65, ධම්මික ප්‍රසාද් 50 (රමිත රඹුක්වැල්ල 89/5, දමිත සිල්වා 33/3) සහ දෙවැනි ඉනිම - 304 (ඕවර 88.2) සඳුන් වීරක්කොඩි 68, ක්‍රිෂාන් ආරච්චිගේ 54 (සචිත්‍ර සේරසිංහ 48/5, ෂෙහාන් මධුසංක 107/3, රමිත රඹුක්වැල්ල 60/2)

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 536 (ඕවර 133.3) සචිත්‍ර සේරසිංහ 204, රමිත රඹුක්වැල්ල 124, ළහිරු මිලන්ත 56 (අකාෂ් සේනාරත්න 73/4, කසුන් මධුසංක 82/2, තරිඳු රත්නායක 115/2) සහ දෙවැනි ඉනිම - 90/2 (ඕවර 11.3)

 

සී.සී.සී පිලට කඩුලු 6ක ජයක්

යුද හමුදා පළමු ඉනිම - 295 (ඕවර 105.3) ලක්ෂාන් එදිරිසිංහ 61 (මාලින්ද පුෂ්පකුමාර 107/6, ළහිරු මධුෂංක 32/2) සහ දෙවැනි ඉනිම - 306 (ඕවර 91.2) හිමාෂ ලියනගේ 72, සංජික රිද්ම 61 (වනිඳු හසරංග 40/3, මාලින්ද පුෂ්පකුමාර 113/3, ළහිරු ගමගේ 40/2)

සී.සී.සී පළමු ඉනිම - 464 (ඕවර 123.5) අශාන් ප්‍රියංජන් 180, වනිඳු හසරංග 97 (දුෂාන් විමුක්ති 135/6, රුචිර තාරින්ද්‍ර 123/2) සහ දෙවැනි ඉනිම - 143/4 (ඕවර 24.3) වනිඳු හසරංග නොදැවී 60 (නුවන් ලියනපතිරණ 28/2)

 

කෝල්ට්ස් පිල කඩුලු 4කින් ජයගනී

එන්.සී.සී පළමු ඉනිම - 251 (ඕවර 56.1) ළහිරු උදාර 85 (අකිල ධනංජය 72/5, ජෙහාන් ඩැනියෙල් 46/2) සහ දෙවැනි ඉනිම - 402/9 (ඕවර 108) මාලිංග අමරසිංහ නොදැවී 107, සාරංග රාජගුරු 78, හසිත බෝයගොඩ 66 (සංගීත් කුරේ 111/4, අකිල ධනංජය 103/2)

කෝල්ට්ස් පළමු ඉනිම - 298 (ඕවර 111.2) ජෙහාන් ඩැනියෙල් 67, නිශාන් මධුෂ්ක 67, ප්‍රියමාල් පෙරේරා 51 (සචින්ත පීරිස් 87/4, ලසිත් ඇඹුල්දෙණිය 101/4) සහ දෙවැනි ඉනිම - 356/6 (ඕවර 94.1) සංගීත් කුරේ 88, ප්‍රියමාල් පෙරේරා නොදැවී 87, හෂාන් දුමිඳු 58, විෂාද් රන්දික 58 (නිමේෂ් ගුණසිංහ 57/4, සචින්ත පීරිස් 104/2)

 

පළමු ඉනිමේ ජය සැරසන්ස්ට

සැරසන්ස් පළමු ඉනිම - 524 (ඕවර 165.1) ප්‍රමෝද් මධුවන්ත 217, ගමිඳු කනිෂ්ක 109, නිපුන් කරුණානායක 80 (නිමේෂ් විමුක්ති 92/4, සාගර් පරේස් 129/4, චතුරංග කුමාර 84/2)

හලාවත පළමු ඉනිම - 312 (ඕවර 87.5) යශෝධ ලංකා 109, ඕෂද ප්‍රනාන්දු 65, නිමේෂ් විමුක්ති 51 (හරීන් වීරසිංහ 90/5, මොහොමඩ් ඩිල්ෂාඩ් 59/2) සහ දෙවැනි ඉනිම - 329 (ඕවර 98) ඕෂද ප්‍රනාන්දු 105, රිසිත් උපමාල් 72 (චාමිකර එදිරිසිංහ 115/3, මොහොමඩ් ඩිල්ෂාඩ් 25/2, ගමිඳු කනිෂ්ක 37/2, හරීන් වීරසිංහ 104/2)

 

පළඟ ශූරතා වටය

පළඟ ශූරතා වටය යටතේ තරග 3ක් නිමාවට පත්වූ අතර එහිදී පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කර ගැනීමට බී.ආර්.සී සහ බදුරලිය කණ්ඩායම් සමත් වූහ. බී.ආර්.සී පිල මුවර්ස් පිලට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් පිටියේදී තරග වැදුණු අතර බදුරලිය කණ්ඩායම වරාය අධිකාරිය සමගින් කෝල්ට්ස් පිටියේදී තරග වැදුණි. මීගමුව සහ රාගම අතර කටුනායක පැවැති තරගය නිමාවූයේ විසඳුමකින් තොරවය.

මේ තරගවලදී බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් දෙනුවන් රාජකරුණා, කෝසල කුලසේකර සහ සලිඳු උෂාන් ශතක රැස් කළ අතර ලසිත් කෘස්පුල්ලේ සමග ප්‍රසන්සන ජයමාන්න (මීගමුව), සංජය චතුරංග (රාගම), භානුක රාජපක්ෂ (බී.ආර්.සී) සහ අදීෂ නානායක්කාර (වරාය) ද ශතක වාර්තා කළහ.

බදුරලිය කණ්ඩායමේ අලංකාර අසංක සහ මුවර්ස් පිලේ තරිඳු කෞෂාල් ඉනිමකදී කඩුලු 6 බැගින් දවාගත් අතර වරාය අධිකාරියේ ඉමේෂ් උදයංග කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

බදුරලියට පළමු ඉනිමේ ජය

බදුරලිය පිල පළමු ඉනිමේ ජය හිමිකර ගත්තේ කෝල්ට්ස් පිටියේ පැවැති තරගයෙන් වරාය අධිකාරියට එරෙහිවය.

බදුරලිය පළමු ඉනිම - 473/9 (ඕවර 119) දෙනුවන් රාජකරුණා 117, කෝසල කුලසේකර නොදැවී 108, සලිඳු උෂාන් 103 (ඉමේෂ් උදයංග 125/5, චානක කොමසාරු 175/2) සහ දෙවැනි ඉනිම - 284/7 (ඕවර 51) සලිඳු උෂාන් 91, ළහිරු සමරකෝන් නොදැවී 51 (චානක කොමසාරු 81/3, චමින්ද බණ්ඩාර 77/2)

වරාය අධිකාරිය පළමු ඉනිම - 348 (ඕවර 95.3) අදීෂ නානායක්කාර 101, ඉමේස් උදයංග 66 (අලංකාර අසංක 83/6, බුද්ධික සංජීව 90/2)

 

බී.ආර්.සී පිලට පළමු ඉනිමේ ජයක්

මුවර්ස් පිල සමග බ්ලුම්ෆීල්ඩ් පිටියේ පැවැති පළඟ ශූරතා තරගයෙන් පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට බී.ආර්.සී පිල සමත් විය.

මුවර්ස් පළමු ඉනිම - 321 (ඕවර 75.5) චාමර සිල්වා 81, පබසර වඩුගේ 68, අනුක් ප්‍රනාන්දු 53 (දුවිඳු තිලකරත්න 41/3, තිලකරත්න සම්පත් 93/3, මොහොමඩ් ශිරාස් 85/2) සහ දෙවැනි ඉනිම - 288/8 (ඕවර 80) ඉරෝෂ් සමරසූරිය 87, රමේෂ් මෙන්ඩිස් නොදැවී 68, චාමර සිල්වා 52, පබසර වඩුගේ 51 (මොහොමඩ් ශිරාස් 63/3, දුවිඳු තිලකරත්න 119/3)

බී.ආර්.සී පළමු ඉනිම - 430 (ඕවර 93.4) භානුක රාජපක්ෂ 108, සවීන් ගුණසේකර 93, දුවිඳු තිලකරත්න 53 (තරිඳු කෞෂාල් 127/6, රමේෂ් මෙන්ඩිස් 85/3) සහ දෙවැනි ඉනිම - 61/4 (ඕවර 11)

 

මීගමුව-රාගම

මීගමුව ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය.

මීගමුව පළමු ඉනිම - 474/9 (ඕවර 130.2) ලසිත් කෘස්පුල්ලේ 157, ප්‍රසන්සන ජයමාන්න නොදැවී 122 (සංජය චතුරංග 38/4, අමිල අපෝන්සු 103/2)

රාගම පළමු ඉනිම - 397/8 (ඕවර 138) සංජය චතුරංග නොදැවී 112, සුපේෂල ජයතිලක 90, දිනෙත් තිමෝද්‍ය 72, සමින්ඳ ප්‍රනාන්දු 51 (රොෂෙන් ප්‍රනාන්දු 69/4, උපුල් ඉන්ද්‍රසිරි 105/3)

 

නව අදහස දක්වන්න