එජාප අපේක්ෂකගේ ජයග්‍රහණය ඉර හඳ මෙන් නියතයි | දිනමිණ

එජාප අපේක්ෂකගේ ජයග්‍රහණය ඉර හඳ මෙන් නියතයි

කමනි අල්විස්

ජනාධිපති මැතිවරණය හෝ මහ මැතිවරණය, ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවත් අදාළ මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයකු ඒ සඳහා ඉදිරිපත් කරන බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පැවසීය.

ඉදිරිපත් කරන අපේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය ඉර හඳ මෙන් විශ්වාස බවත්, නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා අවධාරණය කළේය.

මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟම පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු අපේක්ෂකයා නම් කරන බව පැවසූ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා සම්බන්ධව සන්නද්ධව සිටින බවත් ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණයට ප්‍රථමයෙන් අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණ මැතිවරණය හෝ මහ මැතිවරණය බව පැවසූ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා, මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ පවසමින් වැඩිදුරටත් කියා සිටියේ සැමට පොදු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසීය.

නව අදහස දක්වන්න