ඇමති මංගල -බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමති හමුවේ | දිනමිණ

ඇමති මංගල -බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමති හමුවේ

අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් මහතා හමු විය. 
 
සංහිදියාව සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ ඇතුළු කරුණු කිහිපයක් පිළිබද මෙහිදී අවධානය යොමු කෙරුණු බව සදහන් වේ.
 
ලන්ඩන් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් මහතාගේ කාර්යාලයේදී හමුව සිදු විය.
 
සංහිදියාව, මානව හිමිකම් ඇතුළු කරුණු රැසක් පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණි. යුද ගැටුම් පවතින ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ ආගමික නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළහි විශේෂ නියෝජිතවරයෙකු ලෙසද තාරික් අහමඩ් මහතා කටයුතු කරනු ලැබේ.

නව අදහස දක්වන්න