හමුදා ජීප් රථය ගසක ගැටී මේජර්-කෝප්‍රල් මරුට | දිනමිණ

හමුදා ජීප් රථය ගසක ගැටී මේජර්-කෝප්‍රල් මරුට

විජයානි එදිරිසිංහ

මුලතිව්, නැදුන්කර්නි, කොඩිවෙල් ප්‍රදේශයේදී ඊයේ (21) දහවල් සිදු වූ රිය අනතුරකින් යුද හමුදාවේ මේජර්වරයකු සහ කෝප්‍රල්වරයකු මියගොස් තවත් සිව්දෙනෙක් බරපතළ තුවාල ලබා තිබේ.

ඊයේ දහවල් 1.30ට පමණ යුද හමුදා පාලන අංශයේ රාජකාරී කටයුත්තකට හත්දෙනකුගෙන් සමන්විත පිරිසක් මුලතිව් ප්‍රදේශයට යමින් සිටියදී එම හමුදා ජීප් රථය කොඩිවෙල් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන ගසක හැපී මෙම බරපතළ අනතුර සිදුවී තිබේ.

එම අනතුරින් මියගොස් ඇත්තේ මේජර් ලියනගේ සහ කෝප්‍රල් ප්‍රේමතිලක යන දෙදෙනා ය.

තුවාල ලැබූ සිව්දෙනා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, එම ජීප් රථයේ ගමන්ගත් එක් අයෙකුට කිසිදු ආකාරයේ තුවාලයක් සිදු වී නොමැති බවත් ජීප් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම අනතුර සිදු වී ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.


නව අදහස දක්වන්න