ජාතික මත්ද්‍රව්‍ය නිවාරණයට මාපිය-දූදරු සහභාගීත්ව වැඩසටහන අද | දිනමිණ

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණයට මාපිය-දූදරු සහභාගීත්ව වැඩසටහන අද

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් අද(22) ක්‍රියාත්මක වේ.
 
දෙමව්පියන් පාසල වෙත කැඳවා පංති මට්ටමින් දරුවන් සමඟ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතය.
 
පංති කාමර තුළ දරුවන් දැනුවත් කිරීම ඊයේ(21) සිදුකෙරුණි.
 
ඊයේ(21) සිට ආරම්භ වූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලබන 28 වන දින දක්වා ක්‍රියාත්මක ය.

නව අදහස දක්වන්න