පාර්ලිමේන්තු ගැටුමේ කමිටු වාර්තාව කථානායකට - UPDATE | දිනමිණ

පාර්ලිමේන්තු ගැටුමේ කමිටු වාර්තාව කථානායකට - UPDATE

ඉකුත් නොවැම්බර් මස 15, 16 සහ 17 යන දිනවලදි පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී අවස්ථාවන්වල විමර්ශන කමිටු වාර්තාව කථානායකවරයාට භාරදී තිබේ.

 
එම කම්ටුවේ සභාපති විසින් කථානායකවරයාට භාරදී ඇති බව ද සදහන්.
 
පාර්ලිමේන්තු ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව අද කථානායකට - UPDATE
 
පසුගිය නොවැම්බර් මස 15, 16 සහ 17 යන දිනවලදි පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී අවස්ථාවන්වල විමර්ශන කමිටු වාර්තාව අද (22) කථානායකවරයාට භාරදීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය. 
 
ඉන් අනතුරුව එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකරන අතර එහිදී ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුකළ හැකිද යන්න සම්බන්ධයෙන් කථානායකවරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසනු ඇත.
 
පසුව නීතිපතිවරයා විසින් අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනා සම්මත කිරීමක් සිදු කිරීමට නියමිතව තිබෙන බවත් වාර්තා වේ.
 
මේ අතර පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතය. ලබන සිකුරාදා දක්වා මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත.

නව අදහස දක්වන්න