විද්‍යාපීඨ සඳහා එකවර ශිෂ්‍යයින් 8000ක් | දිනමිණ

විද්‍යාපීඨ සඳහා එකවර ශිෂ්‍යයින් 8000ක්

2016 හා 2017 වසරවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප‍්‍රතිඵල අනුව විද්‍යා පීඨවලට එකවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කරයි.
 
ඒ අනුව 2016 හා 2017 වසරවල සිසුන් අට දහසක් බඳවා ගැනීම මෙහි අරමුණ වේ.
 
ඒ සඳහා වන ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව ගුරු අධ්‍යාපන කොමසාරිස් කේ එම් එච් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න