කෝටි 108ක හෙරොයින් සමග 05ක් අත්අඩංගුවට | දිනමිණ

කෝටි 108ක හෙරොයින් සමග 05ක් අත්අඩංගුවට

රුපියල් මිලියන 1080කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 90 ක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ පිහිටි නිවසක දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යබලකාය ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර ඇත.

සැකකරුවන් දෙදෙනෙක් ඇමෙරිකානු ජාතිකයන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29 හා 43 ක් වන බව පොලීසිය සඳහන් කරයි.

අනෙක් සැකකරු ඇෆ්ගන්ස්ථාන ජාතිකයෙක් වන අතර ඔහු වයස අවුරුදු 41 ක් බව ද අනාවරණය වී තිබේ.

මේ අතර ලාංකීකයන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් වයස අවුරුදු 41 හා 39 ක් වු හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව ද පොලීසිය සඳහන් කරයි.

හෙරොයින් කිලෝ 01 බැගින් වු අසුරන 90 ක මෙම හෙරොයින් අසුරා තිබු බව ද පොලීසිය සඳහන් කරයි.


නව අදහස දක්වන්න