බ්‍රිගේඩියර් ප්‍රියංකරට එරෙහි බ්‍රිතාන්‍ය සිතාසිය ? | දිනමිණ

බ්‍රිගේඩියර් ප්‍රියංකරට එරෙහි බ්‍රිතාන්‍ය සිතාසිය ?

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට බ්‍රිතාන්‍ය අධිකරණයක් මඟින් සිතාසි නිකුත් කර ඇති බවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ දක්වාත් දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදාව අවධාරණය කරයි.

එහෙත් colombotelegraph.com වාර්තා කර ඇත්තේ,2018 පෙබරවාරි 04 වන දින ලංඩනයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ දෙමළ ජාතිකයිනට බෙල්ල කැපීමේ සංඥාව ඇඟවූ බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු ලංඩන් අධිකරණයක් මගින් වරදකරු කර වරෙන්තු නිකුත් කර ඇති බවයි.

පුද්ගලික පැමිණිල්ලක් මත වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩුව විභාග කරන ලද අතර මහජන සාමය පිළිබද පනත public order act උල්ලංඝනය කලේ යැයි වරද අද දින වරදකරු කරන ලදී. 

කෙසේ වෙතත්, යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ එවන් සිද්ධියක් සම්බන්ධයෙන් මේ දක්වාත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තොරතුරු වාර්තා කර නොමැති බවයි.

පසුගිය වසරේ ඇති වූ මෙම සිද්ධිය පළිබඳව මේ වන විට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති බව සුමිත් අතපත්තු සදහන් කළේය.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට  බ්‍රිතාන්‍යයෙන් කැදවීමක් කළ ද එය ඉටු කිරීමට හැකියාවක් නොමැති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ඇතිවූ සිද්ධියෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට ගෙන්වා ගැනීමට යුධ හමුදාව පියවර ගත්තේය.

colombotelegraph.com වාර්තාව පිළිබද වැඩි විස්තර සදහා පිවිසෙන්න.

https://www.colombotelegraph.com/…/brig-priyanka-fernando-…/

නව අදහස දක්වන්න