බස් - ට්‍රක් රථ අනතුරකින් 27කට දිවි අහිමියි | දිනමිණ

බස් - ට්‍රක් රථ අනතුරකින් 27කට දිවි අහිමියි

පාකිස්තානයේ ලාස්බෙලා හිදී බස් රථයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් පසු ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් 27 දෙනකු මිය ගොස් ඇත. 
 
මෙම බස් රථය මගීන් පුරවා ගෙන කරච්චි සිට පන්ජ්ගර් බලා ධාවනය කරමින් තිබූ එකකි. 
 
තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසු වන තවත් සිව් දෙනකු කරච්චි මහජන රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසීය පවසයි. 
 
අවිනීත රියදුරන් හා කැඩී බිඳී ගිය මාර්ග පද්ධතිය නිසා පාකිස්ථානයේ සෑම වසරකම මෙවන් මාරාන්තික රිය අනතුරු බහුලව සිදු වන බවත් සිය ගණනකගේ ජීවිත අහිමි වන බවත් එරට පොලීසිය අවධාරණය කරයි.

නව අදහස දක්වන්න