ලොව බිලියනපතියනපතියන් බිහිවීම ගැන අනාවරණයක් | දිනමිණ

ලොව බිලියනපතියනපතියන් බිහිවීම ගැන අනාවරණයක්

ගෙවී ගිය වසර දෙක තුළ (2017-2018) සෑම දෙදිනක් ඇතුළතම නව බිලියනපතියකු බිහි වී ඇති බව වාර්ෂික වත්කම් පරීක්ෂණ නිකුතුව පෙන්වා දෙයි. 
 
එසේම ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 26 දෙනා සතු ධනය ලෝක ජනගහනයෙන් දුප්පත්ම පිරිසෙන් අඩක් වන කෝටි 380කගේ වත්කමට සමාන බව ද එම වාර්තාවෙන් අනාවරණය කරයි. 
 
ධනය බෙදීයෑමේ අසමානාත්මතාව වැඩි වෙමින් පවතින බවත් එම නිසා ලොව ධනවත් පිරිසට බදු පැනවිය යුතු බවත් මෙම වාර්තාව එළිදක්වන ඔක්ස්ෆෑම් සමාගම අවධාරණය කරයි. 
 
එම වාර්තාවට අනුව  පසුගිය වසරේදී ලොව පුරා සිටින බිලියනපතියන් සියලු දෙනාගේ සමස්ත වත්කම දෛනිකව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5කින් වැඩි වී ඇත. 
 
එම වාර්තාවට අනුව ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස්ගේ වත්කම පසුගිය වසරේදී පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 112කින් වැඩි වී තිබේ. 
 
මේ අතර දරිද්‍රතාවයේ මට්ටම්වල පහළම අඩියේ සිටින බිලියන 3.8කගේ වත්කම සියයට 11කින් අඩු වී ඇති අතර දුප්පත් සහ පොහොසත්  හිඩැස වැඩි වී ඇති බව එමගින් පෙන්වා දෙයි. 

නව අදහස දක්වන්න