ගොවීන්ගෙන් රජය වටිටක්කා මිල දී ගනී | දිනමිණ


 

ගොවීන්ගෙන් රජය වටිටක්කා මිල දී ගනී

බුද්ධිකා ඉඹුලාන

නොචිචියාගම හා විලච්ච්ය ප‍්‍රදේශවල වටිටක්කා වගා කළ එක් ගොවියකුගෙන් කිලෝ 1500ක් කිලෝවක් රුපියල් තිහ බැගින් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා රජය මිල දීගැනිමේ කටයුතු සිදුකරන බවත් මේ වෙනුවෙන් රජය රුපියල් කෝටියක මුදලක් වෙන් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වටිටක්කා මිල දී ගැනීමේ රජයේ වැඩසටහනට එක්වෙමින් මේ බව අමාත්‍යවරයා පැවැසීය.

රජය ආරම්භ කළ මෙම මිල දී ගැනීමේ ක්‍රිරියාවලිය සමඟම මේවන විට වටිටක්කා තොග මිල රුපියල් 5 සිට 20 දක්වා වැඩි වී ඇති බවත් කොළඹ වටිටක්කා සිල්ලර මිල රුපියල් 70ත් 80ත් දක්වා වැඩිවී ඇති බව අමාත්‍යවරයා පැවැසීය

ගලෙන්බිදුණුවැව හොරොවිපතාන ප්‍රදේශවල සේම වටිටක්කා වගා කළ අනෙකුත් ප්‍රරදේශවල ද වටිටක්කා මිල දී ගැනීමට රජය වෙන්කළ රුපියල් කෝටියක මුදලට අමතරව තවත් මුදල් වෙන් කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා පැවැසීය

ගොවියාව සූරාකන අතරමැදියන්ට තමන් අමාත්‍යවරයාව සටින තාක්කල් ඊටඉඩලබා නොදෙන බවද ඇමැතිවරයා කීය.

ඒ සමඟම මෙවර මහකන්නය සඳහා නාඩු රුපියල් 38ද සම්බා රුපියල් 41ක මිලට ද වී මිලදී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය හරහා ආරම්භ කරන බවත් උතුර නැ‍ෙඟෙනහිර උදු අස්වැන්න නෙළන බැවින් උදු වෙනත රටවලින් ආනයනය වහාම නැවැත් වූ බවත් ඒ සඳහා රුපියල් 125ක තිබු ආනයනික බද්ද රුපියල් 200 දක්වා වැඩිකළ බවත් දැන් මේ තීරණය අනුව දේශීය උදු කිලෝවක් රුපියල් 175 සිට 180 දක්වා වැඩි වී ඇති බවත් අමාත්‍යවරයා කීය

වී ගොවිතැනෙහි නිරතවෙන ගොවීන් සඳහා සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම විදුලියෙන් ක්‍රියාත්මක වී වේලන යන්ත‍්‍ර ඉදිරියේ දී සවි කිරීමට බලාපොරොත්තුවන බවත් හෙතෙම කීය

නොච්චියාගම හා විලච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි වටිටක්කා මිල දී ගැනීමේ රජයේ වැඩසටහන පැවැති අතර මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්. එම් වන්නිනායක මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම ගොවීන් රැසක් මීට එක් වූහ

නව අදහස දක්වන්න